නවතම පුවත්

වයස අවුරුදු 05 ක ගැහැණු දරුවෙකු පැහැරගැනිම හා මුදලට විකිණිමේ චෝදනා යටතේ තලවකැලේ ලිදුල නගර සභා සභාපතිවරයා ඇතූඵ සිව්දෙනෙකු අත්අඩංගුවට

වයස අවුරුදු  05 ක ගැහැණු දරුවෙකු පැහැර ගැනිම හා මුදලට විකිණිම සම්බන්ධයෙන්  සැකපිට තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපතිවරයා හා  නාගරික මන්ත්‍රිවරයෙක් ඇතුඵ සිව්දෙනෙක් අත්අඩංගුවට ගැනෙති. පසුගිය වසරේ  සිදු වු  එම පැහැරගැනිම සම්බන්ධයෙන් ඊයේ නුවරඑළිය පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදි ඔව්හු  අත්අඩංගුවට ගනු ලැබුහ .  සැකකරුවන් අද නුවරඑළිය ම හේස්ත්‍රාත් අධිකරණය වෙත  ඉදිරිපත් කිරිමට නියමිතයි නුවරඑළිය පොලිසිය වැඩිදුර විමර්ශන  සිදුකරයි