Tue02202018

Last updateMon, 19 Feb 2018 1pm

නවතම පුවත්

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඡන්දය ප්‍රකාශ කරන අන්දම පැහැදිලි කරයි

හෙට පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීමේ රාජකාරි සදහා පත් කර ඇති සියලු නිලධාරීන් . සේවකයන් . සේවයට වාර්තා කිරීම අනිවාර්යය බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා නිවේදනය කරයි.  ඡන්ද විමසීමේ රාජකාරි සදහා යොදා ගැනීමට නියමිත ඇතැම් රජයේ නිලධාරීන් හා සේවකයන් සාධාරණ නොවන විවිධ හේතු ඉදිරිපත් කරමින් රාජකාරියට පැමිණීමෙන් වැලකී සිටීමට හා ඡන්ද විමසීම සදහා අවශ්‍ය වාහන නිකුත් කිරීමෙන් වැලකී සිටීමට උත්සාහ දරන බවට තොරතුරු ලැබී තිබේ.  ඡන්ද විමසීම නිසි ලෙස පැවැත්වීම සදහා මැතිවරණ කොමිසමේ විධාන අනුව ක්‍රියා කිරීමට සියලු රාජ්‍ය නිලධාරීහු බැඳිී සිටිති.  එම විධාන උල්ලංගණය කිරිම රුපියල් ලක්ෂයක දඩයකට හෝ වසර 3 ක සිර දඩුවමකට හෝ එම දඩුවම් දෙකටම යටත් කළ හැකි වරදක් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වේ.  ඡන්ද විමසිම නිසි ලෙස පැවැත්වීම සදහා අදාල රාජකාරි ඉටු කිරීම පැවරී ඇති සියලු රාජ්‍ය නිලධාරීන් . විදුහල්පතිවරුන් හා ගුරුවරුන් තම වගකීම් නීත්‍යනුකුලව ඉටු කරනු ඇතැයි  මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අපේක්ෂා කරයි.