නවතම පුවත්

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම අද (20) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදු වුණා.

ජාතික ප්‍රතිපත්ති , ආර්ථික කටයුතු , නැවත පදිංචි කිරීම් හා පුනරුත්තාපන උතුරු පළාත් සංවර්ධන වෘත්තීය පුහුණු , නිපුණතා  සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍ය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා

මුදල් හා ජන මාධ්‍ය අමාත්‍ය - මංගල සමරවීර මහතා

විදේශ කටයුතු අමාත්‍ය - තිලක් මාරපන මහතා

සෞඛ්‍ය පෝෂණ දේශීය වෛද්‍ය අමාත්‍ය - රාජිත සේනාරත්න මහතා

අභ්‍යන්තර හා ස්වදේශ  කටයුතු සහ පළාත් සභා හා පළත් පාලන අමාත්‍ය - වජිර අබේවර්ධන මහතා

මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය - පාඨලී චම්පික රණවක මහතා

වැවිලි කර්මාන්ත අමාත්‍ය - නවීන් දිසානායක මහතා

විදුලි බල, බල ශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය -  රවී කරුණායක මහතා

මහා මාර්ග හා මාර්ග සංවර්ධන  ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය  - කබීර් හෂීම් මහතා

බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය - ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා

නගර සැලසුම් හා ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය - රවුෆ් හකීම් මහතා

නිවාස ඉදි කිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍ය -   සජිත් ප්‍රේමදාස මහතා

කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය - පලනි දිගම්බරම් මහතා

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය - තලතා අතුකෝරළ මහත්මිය

ජාතික ඒකාබද්ධතා රාජ්‍ය භාෂා සමාජ ප්‍රගති හින්දු ආගමික අමාත්‍ය - මනෝගනේෂන් මහතා

සංචාරක සංවර්ධන  , වන ජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු  අමාත්‍ය - ජෝන් අමරතුංග මහතා

කෘෂිකර්ම , ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරි මාර්ග , ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය - පී. හැරිසන් මහතා

කාන්තා හා ළමා කටයුතු , වියළි කළාප සංවර්ධන අමාත්‍ය - චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය

වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය -  සාගල රත්නායක මහතා

විදුලි සංදේශ , ඩිජිටල් යටිතල පහසුකම් විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය - හරීන් ප්‍රනාන්දු මහතා

කර්මාන්ත හා වාණිජ කටයුතු , දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය - රිෂාඩ් බදියුදීන් මහතා

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය - අර්ජුන රණතුංග මහතා

අධ්‍යාපන අමාත්‍ය -  අකිල විරාජ් කාරියවසම් මහතා

රාජ්‍ය පරිපාලන හා ආපදා කළමණාකරණ අමාත්‍ය - රංජිත් මද්දුම බණ්ඩාර මහතා

ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය - ගයන්ත කරුණාතිලක මහතා

කම්කරු, වෘත්තීය සමිති සබඳතා  සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය - දයා ගමගේ මහතා

සංවර්ධන උපාය මාර්ග ජාත්‍යනතර වෙළඳ සහ විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය - මලික් සමරවික්‍රම මහතා

රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය - ලක්ෂ්මන් කිරි ඇල්ල මහතා

තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය - එම්.එච්.ඒ.හලීම් මහතා