Tue10152019

Last updateTue, 18 Jun 2019 8am

නවතම පුවත්

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙයි.

මහින්ද රාජපක්ස මහතා අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි. කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි සිය නිල නිවසේ පැවති සර්ව ආගමික වතාවත්වලින් පසු රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තැබීය. එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ පසුගිය සමයේ බෙදුම්වාදය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනි සිටි අය ඉදිරියේදී කුමක් කරන්නේද යන්න පිළිබඳව විමසිල්ලෙන් සිටින බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි ෂෙහාන් සේමසිංහ මහතා එහිදී පැවසුවේ නව බදු පනවා ජනතාව පිඩාවට පත්වනවිට ප්‍රජාතන්ත්‍රවාදයට මුවාවී ඡන්දය අයිතිය අහෝසි කළ අය කටයුතු කරන ආකාරය ජනතාව බලාගත යුතු බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කලේ රටේ පාලනය අස්ථාවරවී ජනතාව පිඩාවට පත්වීමට ඉඩ තිබු නිසා මහින්ද රාජපක්ෂ මහතා මෙම තීරණයට එලඹි බවයි.

එස්. බී. දිසානායක. රෝහිත අබේගුණවර්ධන යන පාර්ලිමේන්තුවරු ද මෙහිදී අදහස් දැක්වුහ. අග්‍රාමාත්‍යවරයා ලෙස තමන්ට ලැබුනු රථවාහන සහ සියලු උපකරණ නැවත භාරදීමට ද මහින්ද රාජපක්ෂ මහතා මේ වනවිට කටයුතු කර තිබේ.