Mon10212019

Last updateTue, 18 Jun 2019 8am

නවතම පුවත්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාල පෙත්සම් විභාගයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද පස්වරුවේ

ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය නීති විරෝධි යැයි ප්‍රකාශ කරමින් පාර්ශ්ව 13 ක් ඉදිරිපත් කළ පෙත්සම් විභාගයේ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය අද පස්වරු 4.00 ට ලබාදෙන බව වාර්තා වෙයි.  පසුගිය නොවැම්බර් 09 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් පත්‍රය අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් මෙන්ම පක්ෂව ඉදිරිපත්වු පෙත්සම් විනිසුරුවන් 07 දෙනෙකුගෙන් යුත් පුර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කෙරුනි.  අදාල ගැසට් නිවේදනය සම්බන්ධයෙන්  මේ වනවිට අතුරු තහනම් නියෝගයක් බලපැවැත්වේ.