Sun11182018

Last updateSat, 17 Nov 2018 9am

නවතම පුවත්

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නිකුත් කල ගැසට් නිවේදනයට තාවකාලික අතුරු තහනම් නියෝගයක්

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නිකුත් කල ගැසට් නිවේදනයට තාවකාලික අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට ඒ පිළිබඳ ඉදිරිපත්වු පෙත්සම් සලකා බැලු අගවිනිසුරු ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුලල තිරණය කලේය.  අග විනිසුරු නලින් පෙරේරා. විනිසුරුවන් වන ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන විනිසුරු මඩුල්ල එම නියෝගය නිකුත්කර ඇත.

 

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කිරිමේ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරේ . රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කිරිමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ක්‍රියා කළ බවට දන්වමින් ජනාධිපති ලේකම්වරයා මෙම ගැසට් නිවේදන නිකුත් කර තිබෙ.

Read more...

කොළඹ නාගරික මන්ත්‍රිවරයෙක් ඝාතනය කෙරේ.

පිටකොටුව හෙට්ටිවිදීයේදී අද පෙරවරුවේ සිදුවු වෙඩි තැබීමකින් කොළඹ නාගරික මන්ත්‍රිවරයෙක් මිය ගියේය.  ක්‍රිෂ්ණාපිල්ලේ ගිරුබානන්දන් නැමැති ඔහු  ස්වාධින කණ්ඩායමකින් කොළඹ මහ නගර සභාවට තේරි පත්වුවෙකි.  මිය යනවිට ඔහු 40 වන වියේ පසුවිය.   යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු ඔහුට වෙඩි තබා තිබේ.  තුවාල ලැබු නාගරික මන්ත්‍රිවරයා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගියේය.

රාජ්‍ය ඇමති විජයකලා මහේෂ්වරම් මහත්මිය එල්ටීටීඊය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට පාර්ළිමේන්තුවේදී විරෝධය

රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය එල්ටීටීඊය සම්බන්ධයෙන් කළ ප්‍රකාශය පක්‍ෂයක් ලෙස ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කියයි. මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට අගමැතිතුමා සමග සාකච්චා කරන බව අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. විජයකලා මහේෂ්වරම් මහත්මියගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඇති වු නොසන්සුන්වු කාරීත්වය නිසා අද සවස 2.30 ට පමණ පාර්ලිමේන්තුවේ කටයුතු හෙට දක්වා කල් තැබිණි.

ලබන බදාදා පාසල් වසා තැබිමක් සිදුනොවන බව රජය පවසයි

ලබන බදාදා පාසල් වසා තැබීමක් සිදුනොවන බව රජය පවසයි.  අධ්‍යාපන අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව කිවේය.  වැරදි ප්‍රකාශ මාධ්‍ය මගින් ප්‍රචාරය කිරිමෙන් සමස්ථ පාසල් පද්ධතියටම විශාල අසාධාරණයක් සිදුවන බව ඔහු පැවසීය.  නාස්තිය. දූෂණය. වංචාව. හා හොරකම අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් මේ වන විට සම්පුර්ණයෙන්ම පිටුදැක තිබේ.  පත්විම් හා උස්සවිම් ප්‍රදානය ද දේශපාලන භේදයකින් තොරව සිදුවේ. මෙම අවස්ථාවට එක්වු රාජ්‍ය ඇමති අජිත් පී පෙරේරා මහතා පාසල් වසා තැබිමට කිසිඳු කණ්ඩායමකට හෝ සංවිධානයකට නොහැකි බව කිවේය.

තැපැල් සේවක වැඩවර්ජනය අවසන්

පුරා දින 16 ක් පැවති තැපැල් සේවක වැඩවර්ජනය නිමාවට පත්වෙයි.  ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සේවයට වාර්තා කිරීමට තැපැල් සේවකයන් තීරණය කර තිබිණි. එහෙත් තම ගැටඑවලට විසඳුම් නොලැබුන හොත් ලබන මස 07 වැනිදා සිට යළිත් අඛණ්ඩ වැඩවර්ජනයකට යොමුවන බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බන්ඩාර මහතා පවසයි.

පොලිසිය හා විශේෂ කාර්ය බලකාය විල්පිට රක්ෂිතයේ විශේෂ මෙහෙයුමක

පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය විල්පිට රක්ෂිතයේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරයි.  ඊයේ  රාත්‍රියේ විශේෂ කාර්ය බලකා වෙඩි ප්‍රහාරයෙන් මියගිය තිලක් නැමැති අපරාධ  කල්ලි නායකයාගේ  සහායකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනිම  මෙහෙයුමේ අරමුණ විය.

චැනලින් ගාස්තු ඇතුඑ තවත් වෛද්‍ය සේවා කිහිපයක වැට් බද්ද ඉවතට

වෛද්‍ය උපදේශන ගාස්තු. චැනලින් ගාස්තු හා වෛද්‍ය වෘත්තිකයන්ට ගෙවන ගාස්තු මත මෙතෙක් පනවා තිබූ සියයට 15 ක් වු වැට් බද්ද ජුලි මස 01 වැනිදා සිට ඉවත් කිරිමට රජය තීරණය කර තිබේ.   කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය මංගල සමරවිර මහතා පැවසුවේ මීට අදාලව අද කැබිනට් මණ්ඩලයේදි අනුමැතිය හිමිවු බවයි.  ඒ අනුව 2016 ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මකව තිබු වැට් බදු ගාස්තුව ලබන 01 වැනිදා සිට ක්‍රියාත්මක නොවේ.  2016 දි වෛද්‍ය උපදේශන ගාස්තු මත හඳුන්වාදුන් අවස්ථාවේදී රෝහල් කාමර ගාස්තු. වෛද්‍ය වෘත්තික ගාස්තු හා චැනල් ගාස්තු යන තෝරාගත් සෞඛ්‍ය සේවා සැපයීමට වැට් බද්ද පනවා තිබුනි.  කෙසේ වුවත් මෙවර ද පෞද්ගලික රෝහල් කාමර ගාස්තු සඳහා පනවා ඇති බදු මුදල්වල කිසිඳු වෙනස්විමක් සිදුවි නොමැත.  වසර 2020 වන විට රජයේ මුඑ අයවැයෙන් සියයට 5 ක් සෞඛ්‍ය සඳහා වෙන්කිරීමට අපෙක්ෂා කරන බව ඇමතිවරයා කියා සිටියේය.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර ස්වාමින් වහන්සේගේ ඇප අයදුම්පත සලකා බැලිම ලබන සිකුරාදා

පූජ්‍ය ගලගොඩඅත්තේ  ඥාණසාර ස්වාමින් වහන්සේගේ ඇප අයදුම්පත සලකා බැලිම  ලබන  සිකුරාදා දක්වා කල් තැබේ.  එම අයදුම්පත හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදි අද කැදවා තිබු නමුත් නිතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු පැමිණ නොසිටි බැවින් එය කල්දමා  තිබෙ. උන්වහන්සේ  ඇප මත මුදා ගැනිම සදහා බොදුබල සේනා සංවිධානය  අභියාචනය  ඉදිරිපත්  කළේය.

පළමුවැනි ශ්‍රේණියට ළමයින් ඇතුලතකිරිමේ අයඳුම්පත් භාරගැනිම කල්දැමේ

පාසල්වල පළමුවැනි ශේූ්‍රණියට ලබන වසර සඳහා සිසුන් ඇතුලත් කරගැනිමට අයඳුම්පත් භාරගැනිමේ අවසන් දිනය ලබන මස 10 වැනිදා දක්වා දීර්ඝ කෙරේ.  දැනට පවතින තැපැල් වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් දෙමාපියන් මුහුණ දෙන ගැටඑ සලකා එම තිරණය ගත් බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා ජාතික ගුවන් විදුලියට පැවසීය.   අයඳුම්පත් භාරගැනිම ලබන 30 වැනිදා අවසන් විමට නියමිතව තිබිනි.

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමින්වහන්සේට සිරදඩුවම

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර ස්වාමින් වහන්සේට එරෙහි නඩුවෙ තින්දුව තමා මෙන් පීඩාවට පත්වන තැනැත්තන්ට යුක්තිය ඉටුකර ගැනිමට කදිම පුර්වාදර්ශයක් සපයනු ඇතැයි මාධ්‍යවෙදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය පවසයි’
සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට අධිකරණයේදී බැන වැදී තර්ජනය කිරිම සමබන්ධයෙන් වැරදිකරු වු පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර ස්වාමින් වහන්සේට බරපතල වැඩ සහිතව මාස 6 ක සිරදඩුවමක් නියම කෙරිණි ඊට අමතරව චෝදනා දෙකකට වැරදිකරු වී ඇති බැවින් එක් චෝදනාවකට රුපියල් 1500 බැගින් දඩ නියම කෙරිණි එක්නැලිගොඩ මහත්මියට රුපියල් පනස්දහසක වන්දියක් ගෙවන ලෙසද හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය නියම කළේය’ අදාල දඩ මුදල සහ වන්දිය නොගෙවන්නේ නම මාස 3 ක සිරදඩුවමක් ද නියම කර ඇත

කතරගම කිරිවෙහෙර විහාරාධිපති වෙඩිට ප‍්‍රහාරයක්

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධමමින්ද හිමියන් සහ එම විහාරවාසී ස්වාමීන්වහන්සේ නමක් ඉලක්ක කර වෙඩි ප‍්‍රහාරයක් එල්ල වෙයි’ ඊයේ රාති‍්‍ර 10 45 ට පමණ සිදු වු  මෙම වෙඩිතැබීමෙන් තුවාල ලැබූ උන්වහන්සේ ප‍්‍රතිකාර සඳහා කතරගම ප‍්‍රාදේශිය   රෝහලට ඇතුඑ’ කර ඇති අතර පසුව වැඩිදුර ප‍්‍රතිකාර සදහා  හමබන්තොට රෝහලට ඇතුළත් කර  තිබෙ’‘  වෙඩි තැබූ පිරිස පසුව මෝටර් රථයක නැගී පළාගොස් ඇති අතර සිදුවීම සම‘බන්ධයෙන් කතරගම පොලීසිය විමර්ශන සිදු කරයි’

කරන්දෙනිය ප්‍රාදේශිය සභාවේ උපසභාපතිවරයා ඝාතනය කෙරේ

කරන්දෙනිය ප්‍රාදේශිය සභාවේ උපසභාපති ඩොනල්ඩ් සම්පත් මහතා ඝාතනය කෙරේ.  ඊයේ රාත්‍රි 10.15 ට පමණ ඌරගස්මංහන්දිය කොරකීන ප්‍රදේශයේ කැබ් රථයකින් ගමන් කරමින් සිටි ඔහුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා තිබේ.  සිද්ධියෙන් තුවාල ලැබු තවත් අයෙකු රෝහල් ගතකර ඇත.

රිය අනතුරක් සිදුකළ යසෝධ රංගේබණ්ඩාර අත්අඩංගුවට

ආරච්චිකට්ටුව කෝට්ටපිටිය හන්දියේ දී ඉකුත් බදාදා සිදුවු රිය අනතුරක් සම්බන්ධයෙන් යශෝධ රංගේ බණ්ඩාර අත්අඩංගුවට ගෙන ඇත.  ශ්‍රිී ජයවර්ධනපුර රෝහලේ දී අද අලුයම ආරච්චිකට්ටුව පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබ ඇත.  රජයේ දේපලක් සාපරාධී හා සාවද්‍ය ලෙස පරිහරණය කිරීම . බීමත්ව රිය පදවා රිය අනතුරක් සිදු කිරීම . කඩුවක් සන්තකයේ තබා ගෙන තහනම් පිහි ආඥා පනත යටතේ වරදක් සිදු කිරිම යන චෝදනා යටතේ මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ප්‍රවීණ රූපවාහිනි මාධ්‍යවේදී හේමනලින් කරුණාරත්න මහතා මිය යයි

ප්‍රවීණ නිවේදකයෙකු හා රූපවාහිනි වැඩසටහන් නිෂ්පාදකවරයෙකු වු හේමනලින් කරුණාරත්න මහතා නිවසේ කාමරයේ මියගොස් සිටියදී ඔහුගේ මෘත ශරීරය අද දහවල් සොයාගෙන ඇත.  නිවැසියන් ඊයේ රාත්‍රියේ සිටම දොර විවෘත නොකළ බැවින් අද දහවල් පරීක්ෂා කර බැලීමේ දී මෘත ශරීරය හමුවී තිබේ.  මාලඹේ මිල්ලගහවත්ත තුන්වන පටුමගේ පදිංචිව සිටි ඒ මහතාගේ මිය යාම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බව පොලිසිය සදහන් කරයි.  මිය යන විට 55 හැවිරිදි වියේ පසුවු ඒ මහතා වඩාත් ජනප්‍රිය වුයේ ජාතික රූපවාහිනියේ 9.05 වැඩසටහනෙනි.  මින්දද හීසර සහ සංචාරේ යන ජනප්‍රිය රූපවාහිනි විශේෂාංගද ඔහුගේ විය.  පරිසර වැඩසටහන් සම්බන්ධයෙන් ද ඔහු විශේෂයෙන් අවධානය යොමු කළේය.

බැදුම්කර විමර්ශන වාර්තාවේ පාර්ලිමේන්තුව නොදුන් කොටස් කතානායකවරයාට භාරදෙයි

මහබැංකු බැදුම්කර සිද්ධිය පිළිබද විමර්ශන වාර්තාවේ මෙතෙක්  පාර්ලිමේන්තුවට නොදුන් කොටස් ජනාධිපති ලේකම් කාර්යාලය කතානායකවරායට භාර දි තිබෙ.  වාර්තාවේ 350  වැනි පිටුවේ සිට  360 වැනි පිටුව දක්වා වූ කොටස එලෙස  භාර දී ඇතැයි  කතානායක කාර්යාලය කියයි.

වයස අවුරුදු 05 ක ගැහැණු දරුවෙකු පැහැරගැනිම හා මුදලට විකිණිමේ චෝදනා යටතේ තලවකැලේ ලිදුල නගර සභා සභාපතිවරයා ඇතූඵ සිව්දෙනෙකු අත්අඩංගුවට

වයස අවුරුදු  05 ක ගැහැණු දරුවෙකු පැහැර ගැනිම හා මුදලට විකිණිම සම්බන්ධයෙන්  සැකපිට තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපතිවරයා හා  නාගරික මන්ත්‍රිවරයෙක් ඇතුඵ සිව්දෙනෙක් අත්අඩංගුවට ගැනෙති. පසුගිය වසරේ  සිදු වු  එම පැහැරගැනිම සම්බන්ධයෙන් ඊයේ නුවරඑළිය පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදි ඔව්හු  අත්අඩංගුවට ගනු ලැබුහ .  සැකකරුවන් අද නුවරඑළිය ම හේස්ත්‍රාත් අධිකරණය වෙත  ඉදිරිපත් කිරිමට නියමිතයි නුවරඑළිය පොලිසිය වැඩිදුර විමර්ශන  සිදුකරයි

දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් වර්ජනයක් කරන බව පැවසුවත් ඉන් දුම්රිය ධාවනයට විශාල බලපෑමක් සිදුනොවන බව ප්‍රවාහන නියෝජ්‍ය ඇමති කියයි

දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් වර්ජනයක් කරන බව ප්‍රකාශ කර තිබුනද ඉන් දුම්රිය ධාවනයට විශාල බලපෑමක් සිදුනොවන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසයි.  දෛනිකව ධාවනය කෙරෙන දුම්රිය වාර 375 න් 300 ක් හෙට දිනයේදි ක්‍රියාත්මක කිරිමට අපේක්ෂා කෙරේ.  වෘත්තිය සමිති සමග ඊයේ පැවති සාක්චඡාවේදී ඔවුන්ගේ ඉල්ලිම් සියල්ල ඉටුකිරීමට එකගතාව පලකෙරිනි.  ඒ සම්බන්ධයෙන් පත්කර ඇති අනුකමිටුවේ ප්‍රධානී අමාත්‍ය  අචාර්ය සරත් අමුණුගම මහතා සමග සාකච්ඡාවක් මේ සතිය ඇතුලත ලබාදිමට ද එකගතාව පලකර තිබේ.  එවැනි අවස්ථාවක මෙවැනි වර්ජනයක නිරතවිමට වෘත්තිය සමිති කිහිපයක් කටයුතු කිරිම දේශපාල බලපෑමක් මත සිදුවන්නේ දැයි සැක සහිත බව ඔහු පවසයි.  මේ අතර දුම්රිය සියලු සේවකයන්ගේ නිවාඩු අවලංගු කර ඇති අතර සේවයට වාර්තා නොකරන අනියම් සේවකයින් සේවය අතහැර ගියා සේ සලකන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා ගුවන් විදුලියට පැවසීය.

ඉදිරි දින දෙකේදි තද සුළං තත්ත්වයක්

මධ්‍යම කඳුකරයේ බස්නාහිර බෑවුම් ප්‍රදේශවල පැය කිලෝමිටර් 50 ත් 60 ත් අතර තද සුළං ඇතිවිය හැකි බව කාලගුන අංශ සඳහන් කරයි.  දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල මෙම සුළං තත්ත්වය ලබන 31 වැනිදා දක්වා බලාපොරොත්තුවේ.

සැඩපහරකට හසුවු තිදෙනෙකු බේරාගැනීමට ගිය පොලිස් නිලධාරියෙකු අතුරුදන්

මාදම්පේ ගල්මුරුව දකුණ ගල්වල ප්‍රදේශයේ සැඩපහරකට හසුවු තිදෙනෙකු බේරාගැනීමේ යෙදුනු පොලිස් නිලධාරින් අතරින් පොලිස් කොස්තාපල් ඩිලාන් සම්පත් මහතා සැඩ පහරට හසුව ගසාගෙන ගොස් අතුරුදන්වී ඇතැයි පොලිසිය පවසයි.  සැඩපහරට හසුවු පුද්ගලයන් බේරා ගැනිමට මාදම්පේ පොලිස් ස්ථානයේ සෙසු නිලධාරිහු සමත්වුහ.  අයහපත් කාලගුන තත්ත්වය හේතුවෙන් පසුගිය 16 වැනිදා සිට මේ දක්වා පුද්ගලයන් 17 දෙනෙකු මරණයට පත්ව එක් අයෙකු අතුරුදන්වී තිබේ.

රත්මලාන ප්‍රදේශයේ වෙඩි තැබිමකින් නාගරික මන්ත්‍රිවරයෙකු ජිවිතක්ෂයට

 

ඊයේ රාත්‍රියේ   8.30 ට පමණ  රත්මලාන ප්‍රදේශයේ  ඥාණේන්ද්‍ර මාර්ගයේ සිදු වු  වෙඩි තැබිමකින් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා  කඵබෝවිල  රෝහලට   ඇතුළත් කිරිමෙන් පසු එක් අයෙකු මියගොස් තිබෙ.්   මරණකරු  වයස අවුරුදු  62 ක් වූ  රත්මලාන පදිංචි කේ. රංජන් සිල්වා වන අතර ක්‍රිකට් ක්‍රිඩක  ධනංජය සිල්වා පියාණන් වේ   ඔහු දෙහිවල  ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකි.  වෙඩි තැබිමට   හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණ වී නොමැත.  සිද්ධිය පිළිබඳව ගල්කිස්ස පොලිසිය  වැඩිදුර විමර්ශන සිදු කරයි.