Fri02232018

Last updateThu, 22 Feb 2018 8pm

නවතම පුවත්

ප්‍රවීනයන්ගේ ජාතික වොලිබෝල් තරගාවලිය ලබන සෙනසුරාදා සිදුවේදි.

ප්‍රවීනයන්ගේ  ජාතික වොලිබෝල් තරගාවලිය සීදුව දවිසමර විද්‍යාලයිය ක්‍රිඩාංගනයේදි  ලබන සෙනසුරාදා ඇරඹෙයි.   ශ්‍රි ලංකා ප්‍රවීනයන්ගේ වොලිබෝල්  සංගමය එය සංවිධාන කරයි. ශ්‍රි ලංකාව  නියෝජනය කළ ජාතික මට්ටමේ ක්‍රිඩක ක්‍රිඩිකාවන් රැසක් තරගාවලියට සහභාගි වන බව ශ්‍රි ලංකා ප්‍රවීනයන්ගේ වොලිබෝල් සංගමයේ සභාපති මර්වින් ප්‍රනාන්දුපුල්ලේ මහතා කියයි. 

Read more...

පාසල් වල ආරක්ෂාව සදහා ගුරුවරුන්ට අවි ලබාදිමට අමෙරිකානු ජනාධිපතිවරයාගෙන් යෝජනාවක්

 පාසල් ගුරුවරුන්ට  අවි ලබාදිමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්  ට්‍රම්ප් මහතා යෝජනා කරයි.        පාසල්වල සිදුවන  වෙඩිතැබිමේ සිද්ධි  වැලැක්වමේ පියවරක් ලෙස ඔහු එම යෝජනා ඉදිරිපත් කර  තිබේ.  ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පාසලක පසුගියදා සිදුවු වෙඩි තැබිමේ සිද්ධියෙන්  දිවි ගලවා ගත් පිරිස යලි  එවැනි සිද්ධි  ඇතිවිම වැලැක්විමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙ.

Read more...

පළාත් පාලන ඡන්ද විමසිමෙන් තේරී පත්වූ සභිකයන්ගේ ධුර කාලය ලබන මස 06 වැනිදා ඇරඹෙයි.

පසුගියදා පැවති ඡන්ද විමසිමේදි පළාත් පාලන ආයතන 340 ට තේරි පත්වු  සභිකයන්ගේ ධුර කාලය ලබන මස 06 වැනිදා  ආරම්භ වන බව  මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියයි. නියෝජිතයන් තේරී පත්වු පක්ෂවල  ලේකම්වරුන්ට ඒ ඒ පළාත් පාලන ආයතනවලට පත් කළ යුතු සභික සංඛ්‍යාව දැනටමත් දන්වා යවා තිබෙ.

Read more...

දූෂණ මැඩලිම අතින් පසුගිය වසරේදි ශ්‍රි ලංකාව සාර්ථකත්වයක් අත්කරගෙන ඇතැයි ජාත්‍යන්තර දර්ශකයක් පෙන්වා දෙයි.

 ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්  සංවිධානය එළිදක්වා ඇති පසුගිය වසරට අදාල  දූෂණ සංජානන දර්ශකය ශ්‍රි ලංකාව රටවල් 183 ක් අතරින්  91 වන ස්ථානයට  පත්වී තිබෙ.  ලබාඇති ලකුණු සංඛ්‍යාව  38 කි.  2016 දි ශ්‍රි ලංකාව රටවල් 176 ක් අතරින්  95 වන ස්ථානයට පත්ව තිබු අතර ලබාගත් ලකුණු සංඛ්‍යාව 36 කි. 

Read more...

රටේ අවශ්‍යතාව සපුරාලිමට ප්‍රමානවත් සහල් තොග වෙළෙඳපලේ පවතින බව අදාල අංශ පවසති.

රටේ අවශ්‍යතාව සපුරාලිමට ප්‍රමානවත් සහල් තොග මේ වනවිට වෙළෙඳපලේ පවතින බව සතොස සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයන හා වෙළෙඳුන්ගේ සංගමය කියයි. මහ කන්නයේ සහල් තොග මේ වනවිට වෙළෙඳපලට ලැබෙමින් පවති. ඊට අමතරව ආනයනය කළ සහල් තොගද වෙළෙඳපලේ පවති.

Read more...

සංවර්ධන කටයුතු වලදී දේශිය ගෘහ නිර්මාණ ශිලපයට ප්‍රමුඛස්ථානය.

 රට තුළ සිදු කෙරෙන සංවර්ධන කාර්යයන් හිදි  දේශිය ගෘහ නිර්මාණ ශිල්පයට ප්‍රමුඛස්ථානය ලබාදෙන බව ඇමති සජිත් ප්‍රේමදාස මහතා කියයි. එහිදි දේශිය  වාස්තු විද්‍යාඥයන් වැඩි වශයෙන්  ඒවාට දායක කර ගැනිමට ක්‍රියා කෙරේ.  කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන  වාස්තු විද්‍යාඥයන්ගේ ආයතනයේ  35 වැනි වාර්ෂික සමුඵවට අද පෙරවරුවේ එක්වෙමින් ඇමතිවරයා එම කරුණු සදහන් කළේය. 

Read more...

ශ්‍රිිී ලංකන් එයාර් සමාගමේ සිදුවී ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් වැලිඅමුණ වාර්තාවට අනුව ක්‍රියා කරමින් සිටින බව ඇමති කබීර් හෂීම් මහතා කියයි


ශ්‍රීි ලංකන් එයාර් ගුවන් සමාගමේ සිදුවී ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් වැලිඅමුණ වාර්තාවට අනුව ක්‍රියා කරමින් සිටින බව ඇමති කබීර් හෂීම් මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය. ජනාධිපතිතුමා පත් කළ කොමිසම සදහා ද මෙම වැලිඅමුණ වාර්තාව පදනම් කර ගෙන පරීක්ෂණ සිදු කරන්නැයි ලිඛිතව ඉල්ලා ඇත. එමෙන්ම එෆ් සී අයි ඩී ආයතනය ද මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරනු ඇත. මේ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ නම් කෝප් කමිටුවට අවශ්‍ය සහාය ලබාදීමට සුදානම් බව ඇමතිවරයා කියයි

උද්ධමනය අඩු වෙයි


ඉකුත් වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව මේ වසරේ ජනවාරි මාසයේ දී උද්ධමනය පහල ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සදහන් කරයි. දෙසැම්බර් මාසයේ උද්ධමනය සියයට 7 යි දශම 3 කි. ජනවාරියේ දී එය සියයට 5 යි දශම 4 ක් දක්වා පහල ගොස් තිබේ. ඉකුත් මාසයේ ආහාර මිලගණන්වල සිදුවු පහල යාම උද්ධමනය අඩුවීමට ප්‍රධාන ලෙස බලපෑවේය.
විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය ඉකුත් දෙසැම්බර් මාසයේදී අඛන්ඩව වර්ධනය වී තිබේ. මෙම මාසයේ දී අපනයන ආදායම ඉහල ගියත් ආනයන වියදම ඉහල ගිය නිසා වෙළෙද හිගය පුඵල් විය. එම වෙලෙද හිගය ද සංචාරක ඉපැයීම් හා විදේශ සේවා නියුක්තිකයන්ගේ ලැබීම් හේතුවෙන් සමනය වී තිබේ.

දැරියක අපයෝජනය කළ විදුහල්පතිවරයෙකුට බරපතල වැඩ සහිත දස වසරක සිරඳඩුවමක්


9 හැවිරිදි පාසල් දැරියක් අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියකට වරදකරු වු යාපනයේ විදුහල්පතිවරයෙකුට යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතා ඊයේ බරපතල වැඩ සහිත දස වසරක සිරදඩුවම් නියම කළේය. අගතියට පත් දැරියට රුපියල් දස ලක්ෂයක වන්දියක් ගෙවන ලෙසද තවත් රුපියල් පන් දහසක දඩයක් ද නියම කෙරුණි. එම මුදල් නොගෙවන්නේ නම් තවත් වසර 2 ක බරපතල වැඩ සහිත සිරදඩුවම් ලැබේ. 2009-2010 වසරවල දී අවස්ථා කිහිපයකදීම ඔහු අදාල දැරිය අපයෝජනයට ලක් කර ඇතැයි හෙලිවී තිබුණි. භෞතික හා විද්‍යානුකුල සියලු සාක්ෂිවලින් විදුහල්පතිවරයා වරදකරු බවට ඔප්පු වී ඇත.

පුද්ගලයන් 11 දෙනෙකු අතුරුදන් වීමේ සිද්ධියට අදාලව හිටපු නාවික හමුදා ලුතිතන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි මහතාට එහෙිව විවෘත වරෙන්තුවක් නිකුත් කෙරේ

2008  වසරේ අගභාගයේ දී පුද්ගලයන් 11 දෙනෙකු අතුරුදන් වීමේ සිද්ධියට අදාල සැකකරුවෙකු වන හිටපු නාවික හමුදා ලුතිතන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි මහතාට එරෙහිව නැවතත් විවෘත වරෙන්තුවක් නිකුත් කෙරේ.  කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද මෙම නියෝගය නිකුත් කළාය.  එම වරෙන්තුව ඉංග්‍රීසි භාෂාවෙන් නිකු.ත් කරන ලෙසත් සැකකරු රටින් පිටවිමේ දී හෝ පැමිණිමේ දී රඳවා ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙසත් ආගමන විගමන පාලකවරයාට නියෝග කෙරුණි.  සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලීසිය අධිකරණයට ඉදිරිපත් කළ රක්ෂිත බන්ධනාගාරයේ සිටි නාවික හමුදා බුද්ධි අංශයේ හිටපු සෙබලුන් දෙදෙනා සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම් මහේස්ත්‍රාත්වරිය ප්‍රතික්ෂේප කළාය.  සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමේ දී සැකකරුවන්ට අගතියක් සිදු වන බව සදහන් කරමින් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කොට වෙනත් පාර්ශ්වයකට යොමුකරන්නැයි කළ ඉල්ලීමට නීතිමය ප්‍රතිපාදන නොමැති බව දැනුම් දෙමින් මහේස්ත්‍රාත්වරිය එම ඉල්ලීමද ප්‍රතික්ෂේප කළාය.

දුෂණ චෝදනා නිසා පකිස්ථානයේ හිටපු අගමැතිවරයාට දේශපාලන පක්ෂයක නායකත්වය අහිමි කෙරේ

දුෂණ වංචා මුඵමනින්ම පිටුදැකීමට තමා සමග එක් වන්නැයි නව දේශපාලන පක්ෂයක් ආරම්භ කරමින් දකුණු ඉන්දීය නඵ කමල් හසන් තමිල්නාඩු ජනතාවගෙන් ඉල්ලා සිටී.  දේශපාලනඥයන්ගේ විවිධ වු වංචනික ක්‍රියා හේතුවෙන් සමස්ත ප්‍රජාවට හොඳ ජීවන තත්ත්වයක් ළගා කර ගැනීමට නොහැකි වී ඇතැයි ඔහු පෙන්වා දෙයි.  අද ඒ පිළිබඳව කථා කළහොත් හෙට දිනයේ දී ඒ සදහා ක්‍රියාමාර්ග ගත හැකි යැයි ඔහු සදහන් කරයි.  මෙම අවස්ථාවට එක්වු දිල්ලි ප්‍රධාන අමාත්‍ය අරවින්ද් කෙජ්රිවාල් පැවසුවේ තම පක්ෂයේ පාලනය යටතේ දිල්ලියට විනිවිද භාවයෙන් යුත් පාලන තන්ත්‍රයක් ලැබිී ඇති බවයි.

කොළඹ තර්ස්ටන් විදුහල සහ ඉසිපතන විදුහල අතර 55 වැනි සහෝදරයන්ගේ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය හෙට සහ අනිද්දා

කොළඹ තර්ස්ටන් විදුහල සහ ඉසිපතන විදුහල අතර 55 වැනි සහෝදරයන්ගේ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය හෙට සහ අනිද්දා කොළඹ එස් එස් සී පිටියේ දී පැවැත්වේ.  මේ දක්වා තර්ස්ටන් විදුහල තරග 5 ක්ද ඉසිපතන විදුහල තරග 4 ක් ජය ලබා ඇති අතර තරග 44 ක් අවසන් වී ඇත්තේ විසදුමකින් තොරවය.  අවසන් වරට තර්ස්ටන් විදුහල ජයගෙන ඇත්තේ 1992 වසරේදීය.  ඉසිපතන විදුහල 1999 දී ජයග්‍රහණයක් වාර්තා කොට තිබේ.  ඉසිපතන පිලේ නායකයා ලෙස අයන සිරිවර්ධන කටයුතු කරයි.  තර්ස්ටන් නායකයා වන්නේ නිපුන් ලක්ෂාන්ය.

බලය බෙදීම දේශපාලනඥයන් සඳහා නොව ජනතාව සඳහා බව ජනාධිපතිතුමා කියයි

බලය බෙදීම දේශපාලනඥයන් සදහා නොව ජනතාව ශක්තිමත් කරමින් ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කිරීම සදහා විය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා කියයි.  සෑම කෙනෙකුටම සංවර්ධනයේ සම ප්‍රතිලාභ ලබා දෙමින් සහ සම පහසුකම් සහිතව සාධාරණ සමාජයක ජිවත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීම බලය බෙදීමේ අරමුණයි.  එය  රට නොබෙදන හා රට නොකඩන වැඩපිළිවෙලක් විය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.  වව්නියාව සෛවප්‍රගාස බාළිකා විද්‍යාලයේ පැවති වව්නියාව දිස්ත්‍රික් නිල මෙහෙවර ජනපති ජනතා සේවය වැඩසටහනේ සමාප්ති උත්සවයට අද පෙරවරුවේ එක් වෙමින් එතුමා එම කරුණු සදහන් කළේය.  රටට අවශ්‍ය සංවර්ධනය මෙන්ම දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කිරිමට වත්මන්  ්රජය කැපවී සිටිී .  ඊට අදාල වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ දී විවිධ විරෝධතා එල්ල වෙමින් පවතී.  රටට අවශ්‍ය දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේ දී ඊට එරෙහිව කටයුතු කරන සියලු දෙනා වර්තමානයේ රට තුල මතුවී ඇති ගැටඵවල සැබැ යථාර්තය හදුනා ගත යුතුය.  වර්තමානයේ එම ගැටඵවලට විසදුම් ලබා නොදීමෙන් අනාගතයේදී මතු වන ගැටඵවලට ඔවුන් සියලු දෙනා වගකිව යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.  වැඩපිළිවෙලට එරෙහිව විවේචන හා උද්ඝෝෂණ සිදු කරන කිසිවෙකු හෝ ළග එම ප්‍රශ්නවලට ලබා දිය හැකි විසදුම් පිළිබදව කිසිදු යෝජනාවක් නැත.  වර්තමානයේ රට තුල සිදු කළ යුතු දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන්නැයි ජනාධිපතිතුමා  සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේය.  නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව දළ කෙටුම්පතක්වත් තවම සකස් කර නැත.  සියලු දෙනාගේ අදහස් හා යෝජනා ලබා ගනිමින් සංශෝධනයට මෙන්ම සංවාදයට යටත්ව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වාර්තාවේ රටේ ඒකීය භාවය . බුදු දහමට හිමි විය යුතු නිසි තැන මෙන්ම රටේ සියලු ජනතාව අතර සහජිවනය හා සමානාත්මතාවයෙන් යුත් සමාජයක් පිළිබඳව පැහැදිලි කරුණු ඇතුලත් වන බව ජනාධිපතිතුමා පැවසිය.  එහි සදහන් නැති කරුණු ද පෙන්වා දෙමින් ඇතැම්හු  ජනතාව තුල වැරදි මතයක් ගොඩනැගිමට උත්සාහ දරති.

තමන්ට සාධාරණය ඉටු කිරිම සම්බන්ධයෙන් යාපනයේ විද්‍යා දැරියගේ මව ජනාධිපතිතුමාට කෘතඥතාව පළ කරයි

යාපනයේ දී ඝාතනයට ලක්වු විද්‍යා දැරියගේ මව එහිදී ජනාධිපතිතුමා හමුවුවාය.  පවුලේ සුවදුක් විමසීම සදහා නිවසට පැමිණෙන බවට ඇයට දුන් ප්‍රතිඥාව අනුව වව්නියාව ප්‍රදේශයේ පිහිටි එම නිවසට ගිය ජනාධිපතිතුමා පවුලේ සාමාජිකයන්ගේ සුවදුක් විමසීය.  විද්‍යා දැරියගේ වැඩිමහල් සොහොයුරාගේ උසස් අධ්‍යාපන කටයුතු මෙන්ම එම පවුලේ ඉදිරි කටයුතු සදහා ලබා දිය හැකි සියලු උපකාර ලබා දෙන බවටද එතුමා සහතික විය.   විද්‍යා දැරියගේ ඝාතනයට අදාල නෛතික කටයුතු කඩිනම් කිරිම ඇතුඵ සාධාරණය ඉටු කිරීම සදහා ජනාධිපතිතුමා දැක්වු සහාය සම්බන්ධයෙන් එම දැරියගේ මව ජනාධිපතිතුමාට සිය කෘතඥතාව පළ කළාය.

සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ සහන මිලට සැපයිම අඛන්ඩව

පාරිභෝගික ජනතාවගේ පහසුව උදෙසා ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ සහන මිලට සැපයීම අඛන්ඩව සිදු කරන බව එහි සභාපති ආචාර්ය ටී කේ එම් බී තෙන්නකෝන් මහතා කියයි. දිවයින පුරා ඇති සතොස ශාඛා ජාලය මේ වසර අවසානය වනවිට 400 දක්වා ඉහල නැංවීමට සැලසුම් කර තිබේ. ඊට අමතරව ග්‍රාමීය මට්ටමින් වරලත් අලෙවි නියෝජිතයන් පත් කිරීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කරන බව සභාපතිවරයා පැවසුවේ ජාතික ගුවන් විදුලියේ ඇතුල් පැත්ත වැඩසටහනට අද පෙරවරුවේ එක් වෙමිනි. එළැඹෙන උත්සව සමයේ හිගයකින් තොරව භාණ්ඩ සැපයීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ද ඔහු සදහන් කළේය. පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් අඛන්ඩව කන්න 3 ක් වගා හානි සිදුවිීම වෙලෙදපොලේ සහල් ඇතුඵ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහල යාමට හේතු විය. වෙලෙදපොලේ පවතින ඉහල ඉල්ලුමට සාපේක්ෂව සැපයුම පහත වැටීම හේතුවෙන් සිදු වන මිලඉහල යාමක් මිස කිසිසේත්ම භාණ්ඩ හිගයක් රටතුල නැතැයි ඔහු අවධාරණය කළේය.

මඩාටුගම විදුහල්පතිනිය පිළිබඳව ජාතික ළමාරක්ෂක අධිකාරියෙන් පරීක්ෂණයක්

මඩාටුගම ප්‍රදේශයේ විදුහල්පතිනියක් පාසලේ දී වමනය කළ සිසුවියක ගැබිණියක් බව පවසමින් පාසලෙන් ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරිය පරීක්ෂණයක් අරඹයි. අදාල පරීක්ෂණය නිම විීමෙන් පසුව එම විදුහල්පතිනියට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව අධිකාරියේ සභාපති නීතිඥ මරිනි ද ලිවේරා මහත්මිය කියයි. හික්කඩුව අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරුන් . ගුරුවරුන් හා උපදේශකවරුන් දැනුවත් කිරිම සදහා අද පැවති වැඩමුඵවක දී ඇය ඒ බව සදහන් කළාය. වෙරලබඩ කලාපයේ ළමාරක්ෂක නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීම නිමිත්තෙන් එම වැඩමුඵව සංවිධාන කර තිබිණි.
අදාල විදුහල්පතිනිය පිළිබදව පුඵල් පරීක්ෂණයක් සිදු කර ඇයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නැයි ලංකා ගුරු සංගමය ද උතුරුමැද පළාත් අධ්‍යාපන ලේකම්වරයාගෙන් ලිඛිතව ඉල්ලිමක් කර තිබෙ.්

හමුදාවෙන් පළා ගොස් සිටින සෙබලුන්ට යලි හමුදාවට භාරවීිමට පොදු සමා කාලයක්

හමුදාවෙන් පළාගොස් සිටින සෙබලුන්ට යලි හමුදාවට එක්වීම සදහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කෙරේ. එය ලබන සදුදා ආරම්භ වන අතර ලබන මස 15 දක්වා ක්‍රියාත්මකයි. යුද හමුදාවේ 60 වැනි සංවත්සරයට සමගාමිීව මෙම පොදු සමා කාලය ප්‍රකාශයට පත් කර ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් රොෂාන් සෙනෙවිරත්න මහතා කියයි. එම පොදු සමා කාලයේදිී ළගම ඇති රෙජිමේන්තු මධ්‍යස්ථානයට වාර්තා කර නීත්‍යනුකුලව හමුදාවෙන් ඉවත් විීම සදහා අවශ්‍ය කටයුතු සකස් කර ගන්නැයි හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පළා ගොස් සිටින සියලු හමුදා සාමාජිකයන්ගෙන් ඉල්ලීමක් කරයි. පොදු සමා කාලය තුල පැමිණෙන කිසිවෙකුට හෝ හමුදා නීතිය යටතේ ක්‍රියා නොකරන බව ද ඔහු අවධාරණය කරයි. දැනට තිස් දහසකට ආසන්න පිරිසක් එසේ හමුදාවෙන් පළා ගොස් ඇති බවට තොරතුරු ලැබි තිබෙ.්
මේ අතර යුද හමුදාවේ පුරප්පාඩු 7000 ක් සදහා ද බඳවා ගැනීම් දැන් සිදු වෙයි. දෙසැම්බර් 31 දක්වා ඒ සදහා අයදුම් කළ හැකිය. යුද හමුදාවේ නිත්‍ය හා ස්වෙච්ඡා සේවා සදහා ඔවුහු බඳවා ගැනෙති.

කැටලෝනියා ප්‍රාන්තයේ පුර්ණ බලතල අත්කර ගැනිමට ස්පාඤ්ඤ රජය තීරණය කරයි

කැටලෝනියා ප්‍රාන්තයේ පුර්ණ බලතල අත්කර ගැනිමට ස්පාඤ්ඤ රජය තීරණය කරයි.  ඒ සදහා අනුමැතිය ලබා ගැනීමට විශේෂ ඇමති මණ්ඩල රැස්විමක් කැඳවා තිබෙ.්  එම ප්‍රාන්තය ස්පාඤ්ඤයෙන් වෙන්ව ස්වාධීන රාජ්‍යයක් බවට පත්විම සදහා ජනමත විචාරණයක් පැවැත්වුවද එය නීති විරෝධි බව ස්පාඤ්ඤ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.  එහෙත් එම ප්‍රාන්ත ප්‍රධානියා පවසන්නේ ස්වාධීන රාජ්‍යයක් බවට පත්වීමට ජනතා වරමක් තමන්ට ලැබුණු බවයි.  ස්පාඤ්ඤ රජය එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කර තිබේ.

ටෝස්ට්මාස්ටර්ස් විනෝදාත්මක ධාවන රැලිය හෙට

.ශ්‍රිී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමයේ අධික්ෂණය යටතේ ටෝස්ට්මාස්ටර්ස් දිස්ත්‍රික් 82 සංවිධාන කරන ටෝස්ට්මාස්ටර්ස් විනෝදාත්මක ධාවන රැලිය හෙට පැවැත්වේ.  කිලෝමිටර් 110 ක දුරකින් යුත් රැලිය කොළඹ ශ්‍රීි ලංකා පදනම් ආයතනය අභියසින් පස්වරු 2.00 ට ඇරඹේ.  කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ධාවන මග සකස් කර තිබෙ.්  කාණ්ඩ 3 ක් යටතේ කණ්ඩායම් 40 ක් රැලියට සහභාගි වෙයි.

නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ කාලසටහන එළිදැක්වේ.

නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ කාලසටහන නිකුත් කෙරේ.  ඒ අනුව ප්‍රථම තරගය ලබන මස 06 වැනිදා ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වේ.  බංග්ලාදේශය සහ ඉන්දියාව තරගවදින්නේ 8 වැනිදායි.  සියලුම කණ්ඩායම් අතර තරග දෙක බැගින් පැවැත්වේ.  අවසන් මහ තරගය පැවැත්වෙන්නේ මාර්තු 18 වැනිදායි.  සියලුම තරග කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩංගනයේ පැවැත්වේ.   මීට සහභාගි වන බංග්ලාදේශ සහ ඉන්දිය කණ්ඩායම් ලබන 04 වැනිදා දිවයිනට පැමිණෙති.

කිතුල් කර්මාන්තය නංවාලීමට පියවර ගනී

දිවයිනේ කිතුල් කර්මාන්තය නංවාලීමට ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය පියවර ගනී. ඒ වෙනුවෙන් විවිධ වැඩසටහන් ගණනාවක් ක්‍රියාවට නංවා තිබේ. වාර්ෂිකව වැය කෙරෙන මුදල රුපියල් මිලියන 15 කි. කිතුල් කර්මාන්තය සංවර්ධනය කිරීම මගින් ග්‍රාමීය ජනතාවගේ ස්වයං රැකියා අවස්ථා වැඩි දියුණු කිරීම සහ ඒ ආශ්‍රිත ව්‍යවසායකයන්ගේ ආදායම ඉහල නැංවීම අමාත්‍යාංශයේ අපේක්ෂාව වී තිබේ.