Fri01182019

Last updateTue, 15 Jan 2019 8am

SP Smart Slider New

නවතම පුවත්

ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ තෛපොන්ගල් උත්සවය සංස්ථා පරිශ්‍රයේදී

ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ තෛපොන්ගල් උත්සවය සංස්ථා පරිශ්‍රයේදී  පෙරවරු 10.00 ට පැවැත්වේ.  සංස්ථාවේ සභාපති සිද්ධි එම් ෆාරුක්. අධ්‍යක්ෂ ජනරාල් ඒරානන්ද හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුඑ අමුත්තන් රැසක් ඊට සහභාගි වීමට නියමිතයි.  කොළඹ 07 ටොරින්ටන් ශ්‍රි මුරුගන් දේවාලයේ පුජක බ්‍රහ්ම ශ්‍රි කන්නන් කුරුක්කල්තුමා ආගමික වතාවත් පවත්වයි.  ගොවීන් තමන්ගේ අස්වැන්න සඳහා සුර්‍යය දෙවියන්ට ස්තුතිය පුද කිරිමේ උත්සවයක් ලෙස තෛපොන්ගල් දිනය හඳුන්වනු ලැබේ

ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කළ අති පාරිශූද්ධ ථේරවාදි ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය.

ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද සමස්ත ලෝකවාසි බෞද්ධ ජනතාවගේ උරුමයක් වු අතිපාරිශුද්ධ ථේරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ අරමුණීන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.  ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරිමේ ජාතික මහෝත්සවය ඉකුත් 05 වැනිදා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඵෙතිහාසික මාතලේ අලුවිහාරේදී පැවැත්විණි.

  ථේරවාදී ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස පත්කලා සේ එය ලෝක උරුමයක් බවට පත්කිරීමට ඉදිරියේදි මැදිහත් වන බව ජනාධිපතිතුමා එම උත්සවයේදි කිවේය.  කැබිනට් අනුමැතිය හිමිවු යෝජනාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට සම්මත කර ගැනේ.  මේ පිලිබඳව විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන් දැනුවත් කිරිමට ද ක්‍රියා කෙරුණි.  ඒ සඳහා ථේරවාදි බෞද්ධ ආගමික රටවල තානාපති කාර්යාල 14 ක රාජ්‍ය තාන්ත්‍රිකයෝ එක්ව සිටියහ.

අඩු ආදායම්ලාභි පවුල් 660 කට රුපියල් ලක්ෂ 1300 ක නිවාස ණය

ඉඩම් හා නිවාස නොමැති දිළිඳු ජනතාවට එම පහසුකම් ලබාදෙමින් විශාල ආර්ථික හා සමාජීය පරිවර්තනයක් සිදුකිරීමට නිවාස අමාත්‍යාංශයට හැකිවී තිබෙන බව ඇමති සජිත් ප්‍රේමදාස මහතා පවසයි. හම්බන්තොට මෝදරවාන ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව කීවේය.
ජංගම සේවා වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභී පවුල් 660 කට රුපියල් ලක්ෂ 1300 ක නිවාස ණය ලබාදිම සිදුකෙරෙන බව ඔහු සඳහන් කලේය. විහාරස්ථාන 17 කට කෞතුකාගාර ප්‍රකාශන පොත්කට්ටල ප්‍රදානය ද මෙහිදී සිදුකෙරුණි.

ඩොලර් මිලියන දහසක විදේශ ණය වාරිකයක් ගෙවා දැමේ

අමෙරිකානු ඩොලර් මිලියන දහසක විදේශ ණය වාරිකයක් අද ගෙවා දැමු බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.  2014 වසරේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ලබාගත් ස්වෛරීත්ව බැඳුම්කර වෙනුවෙන් මෙම විදේශ ණය වාරිකය ගෙවා ඇත.  මහා භාණ්ඩාගාරයෙන් මහා බැංකුව වෙත නිකුත්කළ විදේශ මුදල් වලින් එම ගෙවීම සිදුකළ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. 

අප්‍රේල් 15 වැනිදා තවත් ඩොලර් මිලියන 500 ක මුදලක් ගෙවිමට නියමිතව තිබේ.  ඉතිහාසයේ වැඩිම විදේශ ණය මුදල් ප්‍රමානය මෙම වසරේදි ගෙවිමට නියමිත බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.  ඩොලර් බිලියන 5 යි දශම 9 ක් ගෙවිමට නියමිතව ඇත.  මේ අතර අමාත්‍ය මංගල සමරවිර මහතා දැන් අමෙරිකාවට ගොස් සිටී.  ඔහු හෙට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිලධාරින් සමග සාකච්ඡා කිරීමට නියමිතයි.  එම අරමුදල ලබාදිමට නියමිතව තිබී නතර කර ඇති ණය මුදල ආපසු ලබාගැනිම සාකච්ඡාවල අරමුණයි.

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ පුඑල් ජනමතයක් ගොඩනැගීමට ජනතා විමුක්ති පෙරමුණ සුදානම් වෙයි

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා පුඑල් ජනමතයක් ගොඩනගන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක මහතා පවසයි.  හිටපු පාලකයින් හා වාර්තාමාන පාලකයින් එය අහෝසි කරන බවට පොරොන්දු ලබා දුන්නත් එය ඉටු නොවු බව ඔහු කියා සිටි.  විධායක ජනාධිපති ධූරය අහෝසි කරන ලෙස ඉල්ලා දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති සිවිල් සංවිධාන එක්ව කොටුව දුම්රිය පල ඉදිරිපිට පැවැත්වු උද්ඝෝෂණයට එක්වෙමින් ඔහු ඒ බව කීවේය.

ශ්‍රි ලංකා ක්‍රිකට් සභාපති තනතුර සඳහා සිව්කොන් සටනක්

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තනතුර සඳහා සිව්කොන් සටනක් පවතී.  ඒ සඳහා නාමයෝජනා භාරදුන් සිව්දෙනාගේම නාමයෝජනා පිළිගෙන ඇත.  මොහාන් ද සිල්වා. ජයන්ත ධර්මදාස. කේ මතිවානන්. හා ෂම්මි සිල්වා ඒ සඳහා ඉදිරිපත්වී සිටිති.  ලේකම් ධූරයට ද සිව්දෙනෙකු තරග වදින අතර මොහාන් ද සිල්වා. බන්දුල දිසානායක. නිශාන්ත රණතුංග. ෂම්මි සිල්වා ඔවුහු වෙති.

මෙවර මහකන්නයේ .සමස්ත වී අස්වැන්න මෙට්‍රික්ටොන් ලක්‍ෂ 30

මෙවර මහකන්නයේ .සමස්ත වී අස්වැන්න මෙට්‍රික්ටොන් ලක්‍ෂ 30 ඉක්මවනු ඇතැයි හෙක්ටර්කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ පුහුණු ආයතනය පවසයි.  මෙවර කුඹුරු හෙක්ටයාර ලක්‍ෂ 8 ඉක්මවා වගාකර ඇති අතර පුරන් කුඹුරු අක්කර 27 දහසක්ද යළි වගාවට එක්කර තිබේ.  මෙරට සමස්ත කුඹුරු ප්‍රමාණයෙන් සියයට 99 කට ආසන්න ප්‍රමාණයක් මෙවර මහ කන්නයේදී වගාකර ඇතැයි එම ආයතනය පෙන්වා දෙයි.

නව කැලණිපාලමේ පිවිසුමේ සිට කැලණිතිස්ස වටරවුම දක්වා දැනට භාවිත කරන මාර්ගය හෙට පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා වසා තැබේ


.නව කැලණිපාලමේ පිවිසුමේ සිට කැලණිතිස්ස වටරවුම දක්වා දැනට භාවිත කරන මාර්ගය හෙට පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා වසා තැබේ. නව පාලමේ ඉදිකිරීම් කටයුතු සදහා අධිබලැති විදුලි රැහැන් විතැන් කිරීම හේතුවෙන් මෙම කොටස වසා තැබෙන බව එම ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂවරයා දැනුම් දී ඇතැයි පොලිසිය කියයි. එබැවින් එම කාලය තුළදී අධිවේගී මාර්ගයේ කටුනායක සිට කොළඹ දෙසට ධාවනය වන සියඵ බරවාහන පිටවීම සදහා පෑලියගොඩ අන්තර් හුවමාරුව භාවිතා කරන ලෙසත් විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලිය සදහා එක්සත් ජාතික පක්‍ෂයේ යෝජනා සකස් කිරීමට ඉදිරියේදී කමිටුවක්

ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලියට එක්සත් ජාතික පක්ෂය යෝජනා ඉදිරිපත් කර නැතැයි සංචාරක හා වනජීවි අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.  ඒ පිළිබදව මෙතෙක් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාකච්ඡාවක් හෝ යෝජනාවක් හෝ ඉදිරිපත් වී නැතැයි ඇමතිවරයා සදහන් කරයි..  වනජීවී උද්‍යාන නැරඹීම සදහා විද්යුත් අවසරපත් නිකුත් කිරීම ආරම්භ කිරීම නිමිත්තෙන් අද පැවැති උත්සවයකට එක්වෙමින් ඇමතිවරයා මෙම අදහස් පල කළේය.  කුමණ යෝජනාවක් ගෙන ආවද ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් හිමිවිය යුතුය.  ඇතැමුන් මෙම යෝජනා රට බෙදන යෝජනා බවට චෝදනා කරන්නේ පටු දේශපාලන වාසි අපේක්ෂාවෙනි. ව්‍යවස්ථා සංශෝධන යොජනාවලිය සකස් කලේ  විවිධ පාර්ශව සාකච්ඡා කිරීමෙන් පසුවයි. සියඵ ජාතීන්ගේ අයිතීන් ආරක්‍ෂාවන යෝජනාවලියක් රටට අවශ්‍ය වෙයි.  මේ සදහා එක්සත් ජාතික පක්‍ෂයේ යෝජනා සකස් කිරීම සදහා ඉදිරියේදී කමිටුවක් පත්කරන බව ඇමතිවරයා පැවසීය.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනුකල නඩුවක් මාර්තු මස 27 වැනිදා කැදවීමට කොළඹ මහාධිකරණය නියෝග කරයි.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසන් සභාව ගොනුකල නඩුවක් මාර්තු මස 27 වැනිදා කැදවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීිප් හෙට්ටිආරච්චි මහතා අද නියෝග කළේය.  වසර 6 ක කාලයක් තුළ සිය ආදායම මෙන් උපයා ගත නොහැකි රුපියල් මිලියන 75 ක් පමණ වටිනා මුදල් සහ දේපල අයථා ආකාරයට උපයා ගෙන ඇති බව පවසමින් මෙම නඩුව පවරා තිබුණි.  නඩුවට අදාළ හැටන් නැෂනල් බැංකුවේ ගිණුම් අංකයට අදාළව බැංකුවේ පරිගණක පද්ධතිය වෙත ප්‍රවේශයට අධිකරණය අද විත්ති පාර්ශයවට අවසර දුන්නේය.

ඉන්දියාවෙන් ඇණවුම් කර ඇති දුම්රිය කට්ටල් හයෙන් පළමු දුම්රිය කොළඹ සිට යාපනය දක්වා නිරීක්‍ෂණ චාරිකාවක.

මගීන්ගේ පහසුව සදහා උසස් ප්‍රමිතියෙන් යුත් දුම්රිය ඉදිරියේදී දුම්රිය සේවයට එක්කිරීම රජයේ අපේක්ෂාව බව ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් එල්. පී. ජයම්පති මහතා  පවසයි.  ඉන්දියාවෙන් ඇණවුම් කර ඇති දුම්රිය කට්ටල් හයෙන් පළමු දුම්රිය වන එස් 13 ලෙස නම් කර ඇති දුම්රිය අද පෙරවරුවේ කොළඹ සිට යාපනය දක්වා නිරීක්‍ෂණ චාරිකාවක යෙදුනි. එම අවස්ථාවට එක්වෙමින් ඔහු සදහන් කළේ  දුම්රිය කට්ටල 5 ක් සහ මැදිරි 160 ක් ඉදිරියේදී ආනයනය කරන බවයි.  මෙම අවස්ථාවට එක්වු ඉන්දීය සමාගමේ ඉංජිනේරුවරුන් සදහන් කලේ ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ගවල ධාවනය කිරීමට සුදුසු ආකාරයට මෙම දුම්රිය නිෂ්පදනය කර ඇති බවයි. විශේෂයෙන්ම දුම්රිය මාර්ගයේ සිදුවන අලි අනතුරු හැකිතාක් අවම කරගැනීමට මෙම දුම්රියට විශේෂ හැකියාවක් ඇත. ඉදිරියේදී කොළඹ සිට යාපනය දක්වා මගී ධාවනයට මෙම දුම්රිය එක්කිරීමට නියමිතයි

කුඩා බවුසර් යොදා කොළඹ දිස්ත්‍රික්කයේ නාගරික ප්‍රදේශවල දියරකිරි බෙදාහැරීමේ වැඩපිළිවෙලක්

කුඩාබවුසර් මගින් කොළඹ දිස්ත්‍රික්කයේ නාගරික ප්‍රදේශවල ජනතාව වෙත දියරකිරි බෙදාහැරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව ඇමති පී හැරිසන් මහතා පවසයි.  ජාතික පශු සම්පත් මණ්ඩලයේ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාවට නැංවෙයි.  පිටිකිරි භාවිතය අඩුකරමින් දේශීය කිරි ගොවියා නගා සිටුවීම තම අපේක්ෂාව බව ඇමතිවරයා කියයි.  ජාතික පශු සම්පත් මණ්ඩලයේ අද පැවැති මාණ්ඩලික නිලධාරීන්ගේ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළේය.  ජාතික පශු සම්පත් මණ්ඩලයේ පාඩු ලබන සත්ව ගොවිපොල ලාභ ලැබෙන ආකාරයෙන් වැඩිදියුණු කිරීමටද පියවර ගැනේ.  අනුරාධපුර සහ මොණරාගල සත්ව ආහාර නිෂ්පාදන මධ්‍යස්ථාන ඇතිකෙරේ. කිරි ආශ්‍රීත නිෂ්පාදන ජනතාව වෙත හදුන්වාදීමටත් වටු බිත්තර සහ බැටඵ මස් ඇතුඵ ප්‍රෝටින් අවශ්‍යතාව සපුරන නිෂ්පාදන ප්‍රචලිත කිරීමටත් ක්‍රියාකෙරේ.

ඉරානයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් 15 දෙනෙකු ජිවිතක්‍ෂයට

භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ඉරානයේ ටෙහෙරාන් නගරයට ආසන්නයේ අනතුරට ලක්වීමෙන්  එහි සිටි 15 දෙනෙකු ජිවිතක්‍ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  බෝයිං 707 වර්ගයේ ගුවන් යානය ගොඩබැස්සමේදී  ගුවන් පථයෙන් ඉවතට පැන අසල තාප්පයක ගැටී මෙම අනතුර සිදුවී ඇත.  අයහපත් කාලගුණය මීට හේතුවී තිබේ.  ගුවන්යානයේ ඉංජිනේරුවරයෙකු සිද්ධියෙන් දිවි ගලවා ගෙන තිබේ.

පකිස්තානයට එරෙහිව 3 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී දකුණු අප්‍රිකාවට ලකුණු 107 ක ජයග්‍රහණයක්

පකිස්තානයට එරෙහිව ජොහැන්නස්බර්ග් හි අද අවසන් වු 3 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් දකුණු අප්‍රිකාව ලකුණු 107 ක ජයග්‍රහණයක් වාර්තා කරයි. දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය දෙවන ඉනීම සදහා සියඵ දෙනා දැවී ලකුනු 303 ක් රැස් කළේය. එම කණ්ඩායම පළමු ඉනීම සදහා සියඵ දෙනා දැවී ලකුණු 262 යි. පකිස්තාන කණ්ඩායම පළමු ඉනීම සදහා සියඵ ෙදනා දැවී ලකුණු 185 ක්ද. දෙවන ඉනීම සදහා ලකුණු 273 ක් ද රැස් කළේය.
මේ අතර දකුණු අප්‍රිකාවේ හිටපු ක්‍රිකට් ක්‍රිඩක ඒ බි ඩිවිලියර්ස් මාර්තු 09 වැනිදා සහ 10 වැනිදා පාකිස්තාන සුපර්ලිග් ක්‍රිකට් තරගාවලියේදී තරග දෙකකට සහභගීවිීමට තිරණය කොට ඇත 2009 ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව පාකිස්තානයේදි ක්‍රිකට් ක්‍රිඩාවට එක්වන ප්‍රවීන ක්‍රිකට් ක්‍රිඩකයන්ගෙන් අයෙකු ලෙස ඔහු හදුන්වනු ලැබීය..

ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගය දැන් මෙල්බර්හීදී පැවැත්වේ

ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගය දැන් මෙල්බර්හීදී පැවැත්වේ. මුලින් පන්දුවට පහර දෙන ඉන්දිය කණ්ඩායම මිට ස්වල්ප වේලාවකට පෙර කඩලු 2 ක් දැවී ලකුණු 225 ක් රැස්කරගෙන සිටියේය. මායන්ක් අගවල් ලකුණු 76 යි.
මේ අතර හදවත් රෝගි ඔස්ට්‍රේලියානු සත් හැවිරිදි ආකි ස්චිලර්ගේ ක්‍රිකට් සිහිනය අද ඉටුවිය. ඒ අනුව ඉන්දියාවත් සමග මෙල්බර්න්හිදී ආරම්භ වු ටෙස්ට් ක්‍රිකට් තරගයේදි ඔහු ඔස්ට්‍රේලියානු පිලේ සම නායකයා ලෙස කාසියේ වාසිය උරගා බැලිමේ අවස්ථාවට එක්විය. මෙහිදි කාසියේ වාසිය දිනාගත්තේ ඉන්දියාවේ විරාත් කෝලිය. ඉන් අනතුරුව මාධ්‍ය ඇමතූ සත් හැවිරිදි ආකි තම කණ්ඩායමේ ක්‍රිඩකයන්ට උපදෙස් දෙමින් පැවසුවේ පිතිකරුවන් හයේ පහරට පොළඹවා කඩුලු ගන්නා ලෙයසි මෙම තරගයේදී ඔහු වෙනුවෙන් ඔස්ට්‍රේලියාව විශේෂිත ටෙස්ට් හිස් වැසුමක් ද ලබාදුන්නේය.

===

ශ්‍රි ලංකාව සහ නවසීලන්තය අතර ක්‍රයිස්චර්ච්හී ආරම්භ වු දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දිනය නිමා වන විට ප්‍රථම ඉනිම ක්‍රිඩා කරන ශ්‍රි ලංකාව කඩුලු 4 ක් දැවි ලකුණු 88 ක් රැස්කරගෙන සිටියේය. මෙවරද ශ්‍රි ලංකාවට තර්ජනයක් වු ටිම් සවුති ලකුණු 29 කට කඩුලු 3 ක් බිඳහෙළීය. නවසීලන්ත පිල ප්‍රථම ඉනිම සඳහා ලකුණු 178 ක් රැස්කලේය. එහිදී සුරංග ලක්මාල් කඩුලු 5 ක් ද ලහිරු කුමාර කඩුලු 3 ක් ද බිඳ හෙලුහ.

පීඩාවට පත් උතුරේ ජනතාවට මුළික පහසුකම් ලබාදීමට රජය උපරිම ලෙස කටයුතු කර ඇතැයි ඇමති රංජිත් මද්දුම බන්ඩාර මහතා කියයි

රජය ආරක්ෂක අංශ සහ රාජ්‍ය නිලධාරින් වහාම ක්‍රියාත්මක විම හේතුවෙන් උතුරේ ඇතිවු අයහපත් කාලගුන තත්ත්වයෙන් හානි සිදුවු අයට කඩිනමින් සහන ලබාදිමටත් හානි අවම කරගැනිමට හැකිවු බවත් ඇමති රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි අද පෙරවරුවේ අගමැති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීවේය. අගමැතිවරයාගේ උපදෙස් පරිදි රජය සුබසාධන මධ්‍යස්ථානවල සිටින ජනතාවට පිසු ආහාර මෙන්ම අනිකුත් මූළික පහසුකම් සැපයු බව ඔහු කියා සිටියේය.

මෙහිදි අදහස් දැක්වු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසුවේ දැනට ලැබී ඇති තොරතුරු අනුව සම්පුර්න ලෙස හානි වු නිවාස සංඛ්‍යාව 100 ක් පමණ වන බවයි. 1200 කට අර්ධ හානි සිදුවී තිබේ. සහන සේවා කටයුතුවලදි ආරක්ෂක අංශ ස්වේච්ඡා සංවිධාන. ප්‍රදේශයේ ආගමික නායකයින්. මහජන නියෝජිතයින් එක්ව සිටි බව ඔහු සඳහන් කලේය. ඉදිරි මාස කිහිපයේදි අදාල දිස්ත්‍රික්ක යථා තත්ත්වයට පත්කිරිමට හැකියාව ඇතැයිද ඔහු පැවසීය

යාල වනෝද්‍යානයට වාර්තාගත ආදායමක්

යාල ජාතික වනෝද්‍යානය මේ වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා කාලය තුලදී රුපියල් මිලියන 621 ක වාර්තාගත ආදායමක් උපයා ඇතැයි එහි භාරකරු ඩී. පී. ශ්‍රියාසිංහ මහතා පවසයි.

එම කාලය තුලදි දේශිය සංචාරකයන් එක්ලක්ෂ හැත්තැහය දහසකට අධික සංඛ්‍යාවක් සහ විදේශිය සංචාරකයන් දෙලක්ෂයකට අධික සංඛ්‍යාවක් වනෝද්‍යානය නැරඹිමට පැමිණ තිබේ.

තරග තහනමකට ලක්වි සිටින ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායකයා සහ උපනායකයා මාර්තු අග සිට යලි තරග අතරට

මේ වනවිට වසරක තරග තහනමකට ලක්වි සිටින ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායක ස්ටිවු ස්මිත් සහ උපනායක ඩේවිඩ් වෝනර් ලබන මාර්තු 31 වැනිදා සිට ඇරඹෙන පකිස්ථානයත් සමග එක්දින තරගාවලියේ සිට යලි තරග අතරට පැමිණෙණු ඇතැයි ඕස්ට්‍රේලියානු පුහුණුකරු ජස්ටින් ලැන්ගර් පවසයි. ඔවුන් දෙදෙනාගේ තහනම මාර්තු 29 වැනිදා අවසන්වෙයි. ඉන් අනතුරුව මාර්තු 31 සිට අප්‍රේල් 13 වැනිදා දක්වා පකිස්ථානයත් සමග එක්දින තරගාවලියක් පැවැත්වෙයි. මිලග ලෝක කුසලානයට පෙර එම කණ්ඩායම් මුහුණ දෙන එකම තරගාවලිය වන්නේ ද එයයි.

විදේශිකයන් සදහා ජපානයෛ් වැඩි රැකියා අවස්ථා

රැිකියා සදහා තම රටට පැමිණෙන හා තම රටේ ජිවත්විමට පැමිණෙන විදේශිකයන් සදහා නිතිතිරි ලිහිල් ිකිරිමට ජපානය තිරණය කරයි. ඒ සදහා සංක්‍රමිණික නිති වෙනස් කර ඇත. නව නිති ක්‍රියාත්මක වන්නේ ලබන අප්‍රේල් මාසයේ සිටයි. ග්‍රාමිය ප්‍රදේශවල පවතින කම්කරු රැකියා ඌනතාව හේතුවෙන් මෙසේ විදේශිකයන් ගෙන්වා ගැනේ. මේ යටතේ අංශ 14 ක රැකියා අවස්ථා සදහා පස්වසරක කාලපරිච්ජේදයක් යටතේ විදේශිකයන් තුන්ලක්ෂ හතලිස් පන්දහසකට රැකියා ලබාදිමට ජපානය බලාපොරොත්තුවෙයි. මේ සදහා ජපන් භාෂාව පිලිබද විධිමත් දැනිමක් අවශ්‍යවේ . ප්‍රධාන ලෙසම වියට්නාමය. පිලිපිනය . කාම්බෝජය. ඉන්දුනිසියාව. චිනය. තායිලන්තය මියන්මාරය. මොංගෝලියාව සහ නේපාලය යන රටවලට ප්‍රමුඛතාවය ලැබේ.

උතුරේ විපතට පත් ජනතාවට සහන සැලසිම සදහා උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයෙන්ද විශේෂ වැඩසටහන්

උතුරු පලාතේ ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසිම සදහා උතුරට හා දකුණට විශේෂ ඇමතුම් අංක දෙකක් හදුන්වා දි ඇතැයි උතුරු පලාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි. ඔවුන්ට ආධාර ලබාදිමට කැමති දකුණේ පරිත්‍යාගශිලින්ට කොළඹ බත්තරමුල්ල ජයන්තිපුර පිහිටි උතුරු ආණ්ඩුකාර කාර්යාලයට පැමිණ භාරදිම හෝ 0112 88 33 71 යන අංකයෙන් විමසිය හැක. එමෙන්ම උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේ ඇති 0211 21 93 76 අංකයට අමතා ඕනෑම අයෙකුට ආධාර සැපයිය හැක. දැනට ගංවතුර තත්ත්වය පහව ගියත් උතුරේ ජනතාවට බරපතල තත්ත්වයන්ට මුහුණ දිමට සිදුවන බව කුරේ මහතා කියයි. විශේෂයෙන් සනිපාරක්ෂක ගැටලු ඊට බලපානු ඇත. පානීය ලිං පිරිසිදු කිරිම. හානි වු නිවාස පිලිසකර කිරිම මෙහිදි ප්‍රධානවේ. ඒ සදහා යුදහමුදාවේ අඛණ්ඩ සේවය තවදුරටත් ලැබෙනු ඇතැයි උතුරු ආණ්ඩුකාරවරයා විශ්වාසය පලකරයි.
මේ අතර උතුරු පලාතේ කැඩි ගිය ලොකු කුඩා වැව් ප්‍රතිසංස්කරණය කිරිම යදුහමුදාව දැනටමත් ආරම්භ කර ඇත. විශේෂයෙන් කිලිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික්කවල වැව් රැසක් කැඩිගොස් ඇත. කැඩියාමට අවදානමක් මතු වි ඇති වැව් සදහා වැලිකොට්ට යොදාගනිමින් ආරක්ෂක බැමි සකස් කරමින් පවති.
කිලිනොච්චියේ අක්කරායන් මාර්ගයේ වෙල්අත්තාල් පාලම ජල පහරකට හසුව බිදගොස් තිබේ. එම මාර්ගයේ ගමනාගමනය ද ඇණහිට ඇත. මේ නිසා ඊට ඉහල ජනතාව දැඩි දුෂ්කරතාවකට පත්ව සිටිති.
උතුරු පළාතට බලපා ඇති අයහපත් කාලගුන තත්ත්වය හේතුවෙන් පවුල් විසිදෙදහස් අටසිය විසිතුනක ( 22823) පුද්ගලයින් හැත්තැහතර දහසක් ( 74000 ) පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි

පාසල් නිලඇදුම වවුචර්පත් ලබන මස 02 වැනිදා සිට සිසුන්ට ලබාදීමට සැලසුම්

පාසල් නිලඇදුම් වවුචර්පත් ලබන මස 02 වැනිදා සිට සිසුන්ට ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි. එම වවුචර්පත්වල වලංගු කාලය ලබන 31 වැනිදායින් අවසන්වීමට නියමිතව තිබුණද එම කාලසීමාව ලබන පෙබරවාරී 28 වැනිදා දක්වා දිර්ග කර තිබේ.
නව පාසල් වාරය අවසන්වීමෙන් පසුව එම වවුචර්පත් කඩිනමින් දරුවන්ට ලබාදීම අරමුණයි.