Sri Lanka Brodcasting Corporation

Fri11242017

Last updateThu, 23 Nov 2017 6pm

සිරස්තල

නවතම පුවත්

පාරම්පරික දේශිය වෛද්‍ය විද්‍යාවේ ප්‍රගමනයට අවශ්‍ය සියලු පහසුකම් සලසන බවට ජනාධිපතිතුමාගෙන් ප්‍රතිඥා

අතීතයේදී මහ විස්කම් දැක්වු පාරම්පරික දේශිය වෛද්‍ය විද්‍යාවට හිමිවිය යුතු නිසි ගෞරවය හිමිකර දෙමින් එහි ප්‍රගමනයට අවශ්‍ය සියලු පහසුකම් සලසන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහිතක වෙයි. නවීන තාක්ෂණය සමග සිදුවු බටහිර වෛද්‍ය විද්‍යාවේ නව සොයා ගැනීම් හා පර්යේෂණ සමග කඩිනම් ප්‍රතිකාර සදහා ජනතාව ඊට යොමුවීම හේතුවෙන් පාරම්පරික දේශිය වෛද්‍ය ක්‍රම යටපත් විය. ඉතිහාසයේ නිරෝගිමත් ජාතියකට හිමිකම් කීවේ අත්දැකීම් බහුල හෙල වෙදකම නිසා බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි. බත්තරමුල්ල වෝටර්ස්ඒජ් හෝටලයේදී අද පෙරවරුවේ ආරම්භවු 2017 පාරම්පරික හා අනුකුල වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය හා අධ්‍යාපනික වෙළෙඳ ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිතුමා මේ කරුණු සදහන් කළේය. දේශිය හෙල වෙදකමේ ශක්තිය නැවත සමාජයට ගෙනඑමින් දේශිය ආයුර්වේද වෛද්‍යාවරයාට හිමිවිය යුතු සමාජ ගෞරවය හා පිළිගැනීම නැවත ලබාදීමට මෙවන් සමුඵවල අවධානය යොමුවිය යුතු බවද ජනාධිපතිතුමා පැවසීය. සෞඛ්‍ය අමාත්‍යංශය . ලෝක සෞඛ්‍ය සංවිධානය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය එක්ව සංවිධාන කර ඇති සමුඵව ලබන සෙනුරාදා දක්වා පැවැත්වේ.
මධ්‍යසාර හා දුම්කොළ භාවිතය අවම කිරීමට කැපවන සංවිධාන හා පුද්ගලයන් ඇගයීමට ලක්කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්ෂිකව පිරිනමන විශේෂිත ඇගයීම් සම්මානය වන වර්ල්ඩ් නෝ ටුබැකෝ ඩේ සම්මානයෙන් ශ්‍රී ලංකාව තෙවන වරටත් පිදුම් ලබයි. මෙවර එම සම්මානය දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ අධිකාරියට හිමිවී තිබේ. බත්තරමුල්ල වෝටර්ස්ඒජ් හිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ නැගෙනහිර ආසියා කලාපයේ ප්‍රාදේශිය අධ්‍යක්ෂ ආචාර්ය පුනම් කෙට්ට්‍රාපල් සිං මහත්මිය එම සම්මානය නිල වශයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට භාර දුන්නාය. ජනාධිපතිතුමා එම සම්මානය දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ අධිකාරියේ සභාපති පාලිත අබේකෝන් මහතාට පිළිගැන්වීය. එහිදී අදහස් දැක්වු ආචාර්ය පුනම් කෙට්ට්‍රාපල් සිං මහත්මිය මධ්‍යසාර හා දුම්කොළ භාවිතය පාලනය කිරීමට කැපවෙමින් ශ්‍රී ලංකාව ලෝකයටම ආදාර්ශයක් ලබාදී ඇති බවයි.

ඉන්දු-ශ්‍රී ලංකා අගමැතිවරුන් අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා - අධ්‍යාපන ඩිජිටල් ප්‍රතිසංස්කරණ සදහා ඉන්දිය රජයෙන් පුර්ණ සහාය

70 වන නිදහස් සමරුව නිමිත්තෙන් ශ්‍රී ලංකාව අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ සිදුකිරීමට අපේක්ෂා කරන ඩිජිටල් ප්‍රතිසංස්කරණ සදහා ඉන්දියාවේ පුර්ණ සහාය පළවෙයි. සියලු පාසල් දරුවන්ට පරිගනක ටැබ් ලබාදීමේ වැඩපිළිවෙල අත්හදා බැලීමේ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට සහ ඊට අවශ්‍ය සිංහල හා දෙමළ භාෂා මෘදුකාංග නිර්මාණය කිරීමට ඉන්දිය විශේෂඥ සහාය ලබාදීමටත්. එම වැඩපිළිවෙල සදහා තොරතුරු තාක්ෂණ සහයෝගිතා සැලැස්මක් සකස් කිරීමට ඉන්දියාව මුලිකත්වය ගෙන ක්‍රියාකරන බව ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා කියයි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නවදිල්ලියේ හයිද්‍රාබාද් මන්දිරයේ අද දහවල් පැවති ද්වීපාර්ශ්වික සාකච්ඡාවේදී ඔහු ඒ බව සදහන් කළේය. බලශක්ති හා ආහාර සුරක්ෂිතාව සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු වැඩසටහන් සම්බන්ධයෙන් දෙරටේ අගමැතිවරු අදහස් හුවමාරු කර ගත්හ. ඉන්දිය සාගරය සාම කලාපයක් ලෙස පවත්වාගෙන යාමේ හා නිදහස් නාවික ගමනා ගමනය තහවුරු කිරීමේ අවශ්‍යතාව එහිදී අවධාරණය කෙරින. ඒ සම්බන්ධයෙන් ගතයුතු සාමුහික ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කෙරින. ඉන්දියාව හා ශ්‍රී ලංකාව එක්ව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන සංවර්ධන වැඩසටහන් කඩිනම් කිරීම පිළිබඳව සාකච්ඡා කෙරින.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ශ්‍රී ලංකා-ඉන්දිය හවුල් ව්‍යාපෘති කඩිනම් කිරීමට ශ්‍රී ලංකාව සුදානම් බවයි. ඉන්දු-ශ්‍රී ලංකා සම්බන්ධතා ශක්තිමත් කිරීමට වික්‍රමසිංහ මහතා ඉටුකරන මෙහෙවරට ඉන්දිය අගමැතිවරයාගේ ඇගයීම ලක්විය. පසුගිය මැයි මාසයේ සිය ශ්‍රී ලංකා සංචාරයේදී ශ්‍රී ලංකා ජනතාව තමාට දැක්වු සෙනෙහස වෙනුවෙන් විශේෂ ස්තුතියක් පිරිනමන බවද නරේන්ද්‍ර මෝදි මහතා පැවසීය.

උපාධිධාරින්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙල කඩිනම් කෙරේ

උපාධිධාරින්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක කරන බව ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.  එහිදී අභ්‍යන්තර සිසුන්ට ප්‍රමුඛත්වය ලබාදෙන අතර ඉන් අනතුරුව බාහිර උපාධිධාරිහු බඳවා ගැනෙති.  විද්‍යා පීඨවලට බඳවා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව දසදහස දක්වා ඉහල නංවන බව ඇමතිවරයා පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රි නිහාල් ගලප්පත්ති මහතා කනැගු ප්‍රශ්නයකට පිලිතුරු වශයෙනි.

පොල් සදහා පාලන මිලක්

වෙළෙඳපලේ පොල් ගෙඩියක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිලක් නියම කෙරේ.  ඒ අනුව පොල් ගෙඩියක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 75 කි. ඊයේ රැස්වු ජීවන වියදම් කමිටුව එම තීරණය ගත් බව ජාතික ගුවන් විදුලියට අදහස් දැක්වු සතොස සභාපති   ටී. එම්. කේ. බී. තෙන්නකෝන් මහතා පැවසීය.  ඊට අදාල ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කෙරේ.  පාලන මිලට වඩා වැඩියෙන් පොල් අලෙවි කරන්නන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනෙනු ඇත.  ජීවන වියදම් කමිටුව පාරිභෝගිකයන්ට සහන සැලසීම සදහා තවත් තීරණ කිහිපයක් ගෙන තිබේ.  ඒ අනුව පරිප්පු කිලෝවක මිල රුපියල් 125 දක්වා අඩුකර ඇත.  සතොස අලෙවිසල්වලින් එම මිලට පරිප්පු ලබාගත හැකිය.  ආනයනික සහල් ප්‍රමාණවත් තරම් තොග වෙළෙඳපොලේ පවතින බවද සභාපතිවරයා පැවසීය.  සතොස ආයතනයට ආනයනික සහල් තොග තවදුරටත් ලැබෙමින් පවති.

සිම්බාබ්වේ රාජ්‍යය සදහා කඩිනම් වැඩපිළිවෙලක අවශ්‍යතාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පෙන්වා දෙයි

සිම්බාබ්වේ රාජ්‍යයේ ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සදහා කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසයි.  ජාත්‍යන්තරයෙන් මුල්‍යාධාර ලබාගත යුතු බවද එම අරමුදල සදහන් කර තිබේ.  සිම්බාබ්වේ රාජ්‍ය ලබාගෙන ඇති විදේශ ණය ප්‍රමාණය ඉතාමත් ඉහල මට්ටමක පවති.  එහි නව නායකයා ආර්ථිකය යලි ගොඩනංවන බවටත්. රැකියා අවස්ථා උදාකරන බවටත් ප්‍රතිඥාදී තිබේ.

ඉන්දු-ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට සිට නාග්පුර් හිදී

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දිය කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය නාග්පුර් හිදී හෙට ඇරඹෙයි. තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගය නවදිල්ලියේදී ආරම්භ වන ලබන මස 02 වැනිදාය.  කණ්ඩායම් දෙක අතර පලමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවමන් විය.  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දිය තරග සංචාරයට ජාත්‍යන්තර එක්දින තරග තුනක් හා පන්දුවාර විස්සයි විස්සේ තරග තුනක් ඇතුලත් වෙයි.

සතොස ආයතනයේ අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය සහන මිලට

සතොස ආයතනයේ අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය සහන මිලට ලබාදීමේ වැඩපිළිවෙල දැන් ක්‍රියාත්මකයි.  ඒ අනුව මේ සතියේ අලෙවි මිල ගණන් නිකුත් කර තිබේ.  සම්බා කිලෝවක මිල රුපියල් 78 කි.  නාඩු කිලෝවක් රුපියල් 74 ක් වන අතර සුදු කැකුඵ කිලෝවක් රුපියල් 65 කි. රතු පරිප්පු කිලෝවක් අලෙවි කෙරෙන්නේ රුපියල් 125 කටය. ග්‍රුම් 425 ටින්මාඵ රුපියල් 129 කි. 

Read more...

පැපුවා නිව්ගිනියාවේ සරණාගතයන් රදවා සිටින කඳවුරට පොලිසිය ඇතුඵවෙයි.

පැපුවා නිවිගිනියාවේ සරණාගතයන් රදවා සිටින කඳවුරට අද පෙරවරුවේ පොලිසිය ඇතුඵ වී ඇතැයි වාර්තාවෙය.  ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව පැමිණෙන පුද්ගලයන් රදවා තැබීමට මෙය යොදා ගැනේ.  එම කඳවුර ඉකුත් මස 31 වැනිදා වසා දැමුන අතර එහි සිටි පිරිස්වලට ඉන් ඉවත් වන ලෙස දැනුම් දුන්නත් ඔවුන් එය ප්‍රතික්ෂේප කළේය. අද පෙරවරුවේ ඔවුන්ට ඉවත්වීම සදහා පැයක කලායක් ලබාදී ඇත. 

Read more...

කොළඹ පදික මංතිරු ජාලයේ පළමු අදියර ජනතා අයිතියට.

කොළඹ කොටුව හා පිටකොටුව ප්‍රදේශවල අධික වාහන තදබදය සැලකිල්ලට

Read more...

පළාත්පාලන ඡන්ද විමසීම කඩිනමින් පැවැත්විය යුතුයැයි එක්සත් ජාතික පක්‍ෂ පසුපෙල මන්ත්‍රිවරු අවධාරණය කරති.

පළාත්පාලන ඡන්ද විමසීම කඩිනමින් පැවැත්විය යුතුයැයි එක්සත් ජාතික පක්‍ෂ පසුපෙල මන්ත්‍රිවරු පවසති. එම ඡන්ද විමසීම නැවත පැවැත්වෙන දිනයක් පිළිබඳව ගැටඵ මතුවී තිබේ. එය ජනතාවටද ගැටඵවක් වී ඇතැයි අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකිර්ණයේ පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක ප්‍රියන්ත මහතා කීවේය.

Read more...

සියඵ මත්ද්‍රව්‍ය තුරන් කිරීම කාලීන අවශ්‍යතාවක් බව මල්වතු පාර්ශවයේ මහානායක ස්වාමින් වහන්සේ පෙන්වාදෙති.

මෙරට ඇති සියඵ මත්ද්‍රව්‍ය තුරන් කිරීම වඩාත් සුදුසුම ක්‍රියාමාර්ගය යැයි මල්වතු පාර්ශවයේ මහානායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල ස්වාමින් වහන්සේ පවසති.  ඇතැම් මත්පැන්වල මිල අඩු හෝ වැඩි කිරීම නොව සියඵ මත්පැන්වර්ග තුරන් කිරීම අවශ්‍ය බව මල්වතු මහ විහාරයේ පැවැති හමුවකදී උන්වහන්සේ සදහන් කළහ. 

Read more...

පාර්ලිමේන්තුවට එරෙහිව ප්‍රචණ්ඩත්වය යොමු කිරීමට ඇතැම් මන්ත්‍රිවරුන් දරණ උත්සාහයන්ට නිසි පිළියම් යෙදිමේ අවශ්‍යතාව මතු කෙරේ

පාර්ලිමේන්තුවට එරෙහිව ප්‍රචණ්ඩත්වය යොමු කිරීමට ඇතැම් මන්ත්‍රිවරු දරණ ක්‍රියාමාර්ග පිළිබඳව නිසි පිළීයම් යෙදිය යුතුයැයි නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා අද පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය. පාර්ලිමේන්තුව යනු ජනතාවගේ අයිතිවාසිකම් සුරකින ආයතනයකි. පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන විමල් වීරවංශ. කෙහෙළිය රඹුක්වැල්ල. හා ජයන්ත සමරවීර යන මහත්වරුන් මේ සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ කර ඇත.

Read more...

පාසල් නිවාඩුවට පෙර නිල ඇදුම් වවුචර්.

පාසල් නිවාඩුවට පෙර නිල ඇදුම් සදහා වවුචර් බෙදාදීමේ කටයුතු සිදුකරන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.  ඈත ප්‍රදේශවල බෙදාහැරීමේ කටයුතු දැන් සිදුකෙරෙමින් පවතී.  ලබන වසර ආරම්භයේ සිට අයිපෑඩ් ලක්‍ෂ දෙකක් ගුරුවරුන් හා සිසුන් අතර බෙදාදීමටද පියවර ගෙන ඇතැයි ඔහු අද පාර්ලිමේන්තුවේදී සදහන් කලේය.  අධ්‍යාපන. ක්‍රිඩා. අභ්‍යන්තර කටයුතු. වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශවල වැය ශීර්ෂ පිළීබඳ විවාද අද පැවැත්වේ

මෙතෙක් ජාතික හැදුනුම්පත් ලබා නොගත් සිසුන් සදහා එක්දින විශේෂ වැඩසටහනක්

අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින මෙතෙක් ජාතික හැදුනුම්පත් ලබාගෙන නොමැති සිසුන් සදහා හැදුනුම්පත් ලබාදීමේ එක්දින විශේෂ වැඩසටහනක් බත්තරමුල්ල පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්මේන්තුවේදී පැවැත්වේ. ලබන සෙනසුරාදා පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා පැවැත්වේ.

Read more...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් දෙවන නිදහස් අරගලය ආරම්භ කරන බව ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු මහත්මිය පවසය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ බලවේග පරාජය කිරීමට සියඵ දෙනා එක්වීමේ අවශ්‍යතාව විද්වත්හූ පෙන්වා දෙති. අඵත් ව්‍යවස්ථාවකට මෙච්චර බය ඇයි තේමාව යටතේ මහවැලි කේන්ද්‍රයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් අදහස් දැක්වූ පූජ්‍ය දඹර අමිල ස්වාමීන් වහන්සේ පැවසුවේ රටේ සියඵ ආගම් හා ජාතින් එක්ව ගැටඵ විසදා ගත යුතු බවයි.
වෛරී දේශපාලනයෙන් මිදීමට නව ව්‍යවස්ථාවක් ගෙන ඒමෙන් හැකියාව ලැබෙන බව ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය

මියන්මාරයේ රොහින්ග්‍යා ජනතාවට මුහුණදීමට සිදුව ඇති අපහසුතා සම්බන්ධයෙන් ඇමරිකාවේ දැඩි අවධානය.

මියන්මාරයේ රොහින්ග්‍යා ජනතාවට මුහුණදීමට සිදු වන ගැටඵ සම්බන්ධයෙන් ඉතා සංවේදීව අවධානය යොමු කරන බව ඇමරිකාව කියයි.  ඇමරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් පවසන්නේ මියන්මාරයේ ආරක්ෂක අංශවල ක්‍රියාකාරිත්වය කිසිසේත් අනුමත කළ නොහැකි බවයි.

Read more...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා චන්දික හතුරුසිංහ අතර සාකච්ඡා .

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය චන්දික හතුරුසිංහ මහතා සමග සාකච්ඡා කිරීමට සැරසෙයි.  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සදහා චන්දික හතුරුසිංහ මහතා බඳවා ගැනීමට ඇති හැකියාව සොයා බැලීමට මේ වනවිට කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.  කෙටිකාලීන හා දිගුකාලීන අරමුණු ඉටු කර ගැනීමට හතුරුසිංහ ඉතා සුදුසු බව සුමතිපාල මහතා කියයි. 

Read more...

ඉන්දියාවේ සංචාරයක නිරත අගමැතිතුමා පස්වෙනි ලෝක සයිබ අවකාශ සමුඑවේ සමාරිම්භක උත්වයට අද එක්වෙයි.

ඉන්දියාවේ නිල සංචාරයක නිරත අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දහවල් ඉන්දිරා ගාන්ධි ජායත්‍යන්තර ගුවන් තොටුපලින් නවදිල්ලි අගනුවරට ලගාවිය.  ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රධාන සන්ධාන නිලධාරි සංජේ වර්මා සහ නියෝජ්‍ය සංන්ධාන නිලධාරි අභිෂේක් ෂුක්ලා යන මහත්වරු ගුවන් තොටුපලේදි අගමැතිවරයා පිලිගත්හ. 

Read more...

තෙල් මාෆියාවට ඉඩ අහුරමින් තෙල් සංස්ථාවේ 2018 සාමුහික ගිවිසුම අත්සන් තැබේ.

තෙල් මාෆියාවට ඉඩ අහුරමින් තෙල් සංස්ථාවේ 2018 සාමුහික ගිවිසුම අත්සන් තැබේ. ගිවිසුම ඊයේ  අත්සන් තැබුණේ ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාවේ සම්මන්ත්‍රණ ශාලාවේදීය. අර්ජුණ රණතුංග අමාත්‍යවරයා ඉදිරියේ සංස්ථාවේ ඉහල කලමණාකාරීත්වය මෙම ගිවිසුමට අත්සන් තැබීය.

Read more...

මෙවර අයවැය රටේ නව දැක්මක් සමග ජනතා අපේක්ෂා ඇති කළ අයවැයක් බව දුමින්ද දිසානායක අමාත්‍යවරයා කියයි.

පාර්ලිමේන්තුව අද පෙරවරු 09 30 ට යලි රැස්වේ. අයවැය කාරක සභා අවස්ථාවේ හයවන දිනය අදයි. අද දිනයේදී අධ්‍යාපන අමාත්‍යාංශය. ක්‍රිඩා අමාත්‍යාංශය. අභ්‍යන්තර කටයුතු . වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිලිබද සාකච්ඡා කෙරේ.

Read more...

ඉසිපතන විද්‍යාලයේ යටිතල පහසුකම් දියුණු කිරීම සදහා සංවිධානය කෙරෙන පාගමන

ඉසිපතන විද්‍යාලයේ යටිතල පහසුකම් දියුණු කිරීම සදහා සංවිධානය කෙරෙන  පාගමන ලබන මස 09 වැනි දින පස්වරු 2.00 ට විද්‍යාලීය පරිශ්‍රයෙන් ආරම්භ වෙයි.  පාගමන හෙන්ද්‍රි පේද්‍රිස් පිටියෙන් අවසන් වන අතර එහි ප්‍රධාන පෙලේ සංගීත කණ්ඩායම් සහභාගි වන සංගීත සංදර්ශන සංවිධාන කර තිබේ.  සැම වයස් කාණ්ඩයකම සිසුන් . ආදි සිසුන්. දෙමව්පියන් සහ සුබපතන්නන් 12 දහසකට අධික සංඛ්‍යාවක් සහභාගිවීමට නියමිතයි.  පාගමන විචිත්‍රවත් කිරීම සදහා විවිධාංග රැසක් එක්කර තිබේ.  වසර 2020 වනවිට ඉසිපතන විද්‍යාලය භෞතික වශයෙන් සම්පුර්ණයෙන් පරිවර්තනය කිරීම ව්‍යාපෘතියේ අරමුණයි.  ආදි ශිෂ්‍ය සංගමය. කණිෂ්ඨ ආදිශිෂ්‍ය සංගමය සහ පාසල් සංවර්ධන සමිතිය එක්ව පාගමන සංවිධාන කරයි.

දේශීය පුවත්

 

විදෙස් පුවත්