Wed09202017

Last updateWed, 20 Sep 2017 7am

සභාපතිතුමාගේ පණිවිඩය

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව විද්‍යුත් සන්නිවේදනයේ ප්‍රමුඛතම පුරෝගාමි මාධ්‍ය ජාලයයි. අසන්නන් කේන්ද්‍ර ගත කරමින් ඒ ඒ සමාජ අවශ්‍යතා හදුනා ගැනීමෙන් “පහසුකම් සපයන්නකු” ලෙස ග්‍රාමීය ජනතාවගේ අනේකවිධ අවශ්‍යතා ඉටුකළ හද ගැහෙන රාවය බවට පත් විද්‍යුත් මාධ්‍ය ජාලය අප ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි.

පැලෑනේ ශ්‍රී වජිරඥාන ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනයෙන් ඇරඹි සිංහල කතා කලාව එදා මෙදා තුර ජන හදවතට සමීප කරවූයේ අප ගුවන්විදුලියයි. ගුවන් විදුලි නාට්‍ය, ප්‍රවෘත්ති ප්‍රකාශ, දුරකථන සංවාද, සම්මුඛ සාකච්ඡා , සඟරා විචිත්‍රාංග, සජීව තත්ත්ව වර්තා වැනි වැඩසටහන් ආකෘති සේම කවි කොළය, කංකාරිය, සභාවෙන් අවසරයි, පිලේ පැදුර, තුම්පත් රටා, සුභාරතී, මුවන් පැලැස්ස, රඟමඩල, පිබිදෙන ගායක පරපුර වැනි ජන හදවත් වැළඳගත් එදා මෙදාතුර විකාශය වූ වැඩසටහන් රැසක් විකාශය කරන්නට හැකියාව ලැබුණේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවටයි.

ආසියාවේ ප්‍රථම ගුවන්විදුලි අභ්‍යාස ආයතනය අප සතුයි. එහි පුහුණුව ලද අභ්‍යාස ලාභීන් විද්‍යුත් නාලිකා රැසක ප්‍රමුඛයන් ලෙස කටයුතු කරන්නේද අප සතු දැනුමේ සහ කුසලතාවේ ශක්‍යතාව නිසයි.

විශ්වසනීය සහ අඛණ්ඩ මාධ්‍ය මෙහෙවරෙහි නියැලුන අප ඔබට වඩාත් සමීපවනු පිණිස නවීන තාක්ෂණය ඔස්සේ ජාත්‍යන්තරය යා කරන්නට අවස්ථාව උදා වීම අද සිට ඇරඹෙයි. ඒ SLBC වෙබ් අඩවිය ඔස්සේයි.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙබ් අඩවිය යාවත්කාලීනකොට වඩාත් ඵලදායි ලෙස භාෂාත්‍රයෙන් ලොව පුරා විසුරවන මෙම අවස්ථාව, සුවිශේෂී වන්නේ විද්‍යුත් මාධ්‍යයේ පුරෝගාමී ආයතනය ලෙස දීර්ඝතම සේවාව ඉටු කළ අප මේ භුක්ති විඳින්නේ අප නවීන තාක්ෂණය හා මුසුවීමේ ප්‍රීතියයි.