Sri Lanka Brodcasting Corporation

Sun02262017

Last updateSun, 26 Feb 2017 7am

  • 3.png
  • CITY-English-02.jpg
  • CITY-English-03.jpg
  • Vesak-Slider-01.jpg
  • Youth.jpg

Latest Posts

"මාතු පාදං නමාමී" කාසල් කාන්තා රෝහලේදී

සිටි එෆ් එම් තවත් සමාජ සත්කාරයක් පසුගිය ඇසල පොහෝදා කාසල් කාන්තා රෝහලේදී පැවැත්විය.

මාතු පාදං නමාමී නමින් නම් කොට තිබූ මෙම විශේෂ වැඩසටහනේදී ගැබිනි මව්වරුන් 500 දෙනෙකු සඳහා පෝෂණිය සුප් ආහාරය ලබාදීම, අංගුලිමාල ගාතාව ඇතුලත් කාඩ් පත් බෙදාදීම සහ අංගුලිමාල පිරිත් දේශනයක් පැවැත්වීම සිදුවිය.

එසේම එදින ඉපදුන කිරිකැටියන් සහ ඔවුන් ගේ මව්වරුන් හට දෝත පුරා තිළිණ ලබාදීමද සිදුවිය.

මෙම විශේෂ අවස්ථාව සඳහා කාසල් කාන්තා රෝහලේ  අධ්‍යක්ෂ, වෛද්‍ය ගාමිණී සෙනවිරත්න මහතා, පරිපාලන නිලධාරී තුෂාර බණ්ඩාර මහතා ප‍්‍රමුඛ සම්භාවනීය පිරිසක් සහභාගී විය.

සිසිල් පැන් සහ බිස්කට් දන්සැලක් ගුවන්විදුලි සංස්ථාවේදී

සිටි එෆ් එම් කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් සිසිල් පැන් සහ බිස්කට් දන්සැලක් පසුගියදා ගුවන්විදුලි සංස්ථා 03 වන මැදිරිය අසලදී පැවැත්විය.

ඒ සඳහා සබරගමු  පළාත් මහ ඇමති මහීපාල හේරත් මැතිතුමා සහ ගුවන්විදුලි සංස්ථාවේ සභාපති නන්ද මුරුත්තෙට්ටුවේගම මැතිතුමා, අධ්‍යක්ෂජනරාල් ඒරානන්ද හෙට්ටිආරච්චි මැතිතුමා සහභාගී වීම විශේෂයි.

ගුවන්විදුලි සංස්ථාවේ සේවක මහත්ම මහත්මීන් 700ක් පමණ පිරිස මෙම දන්සැලට සහභාගී වූ අතර ඔවුන් සියල්ලන්ම රසවත් සිසිල් පැන් සහ බිස්කට් වලින් සංග‍්‍රහ ලැබීය.

'Youth Talent' පළමුවන වටය අවසන්

යෞවනයේ සංගීතය සොයා යන 'සිටි එෆ් එම් යූත් ටැලන්ට්' තරගාවලියේ පළමුවන තරග වටය පසුගියදා අවසන් විය. තරගකරුවන් රාශියක් අතරින් කුසලතා පිරිපුන් තරගකරුවන් 50 දෙනෙකුගේ ගීත දෙවන තරග වටය සදහා තෝරාගෙන තිබේ. මෙම ගීත සියල්ලේම ගී තණු, ගී පද සහ ගායනය තරුණ නව නිර්මාණ කරුවන්ගේ වීම විශේෂයි.

මේ දිනවල ශී‍්‍ර ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේ දී  තරගාවලියේ දෙවන වටය සදහා සුදුසුකම් ලැබූ ගීත පටිගත වන අතර  ලබන ජූලි මාසයේ දී දෙවන වටයේ තරග ආරම්භවීමට නියමිතයි.

 

'මිහින්තලාවයි - දහම් අමාවයි' දියත උයන පොසොන් කලාපය

මිහින්තලාවයි දහම් අමාවයි දියත උයන  පොසොන් කලාපය පසුගිය 19 හා 20 යන දෙදින තුළ පැවැත්විනි. ශ්‍රි ලංකා ඉඩම් ගොඩ කිරිම් හා සංවර්ධනය කිරිමේ  සංස්ථාව මේ සදහා අනුග්‍රාහකත්වය දැක්වූ අතර ඒ සදහා නාවික හමුදාවේ සහාය ද ලැබුනි.

ගුවන්විදුලි වාද්‍ය වෘන්දය  සංගිතවත්  කරන  භක්ති ගී වැඩසටහනක් පොසොන් පහන් කුඩු හා මිහින්තලාවේ ආකෘතියක්ද මෙම පොසොන් කලාපයේ මහජන ප‍්‍රදර්ශනය සදහා නිර්මාණය කර තිබුනි.

මෙහි මාධ්‍ය දායකත්වය ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවයි.

City FM Listen Live