Sri Lanka Brodcasting Corporation

Wed09192018

Last updateThu, 13 Sep 2018 10am

About Us

ලෝකය පුරා මෙන්ම ලංකාව පුරා වර්තමානය වන විට හතු පිපෙන්නාක් මෙන් විවිධ ගුවන්විදුලි නාලිකා බිහි වී තිබෙන අතර ඒ හැම නාලිකාවකින්ම අඩු වැඩි වශයෙන් ළමා වැඩසටහන් ප‍්‍රචාරය වුවද ළමයින් වෙනුවෙන්ම වෙන් වූ විශේෂ නාලිකාවක් ශ‍්‍රී ලංකාවේ හෝ දකුණු ආසියාවේම 2006 වසරට පෙර බිහි වී නොතිබුණි.

එවන් වකවානුවක එම අඩුව සපුරාලමින් 2006 වසරේ මාර්තු 28 වෙනිදා ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් දකුණු ආසියාවේ මෙන්ම ශ‍්‍රී ලංකාවේද ප‍්‍රථම හා එකම ළමා නාලිකාව ලෙසින් විදුල ලමා ගුවන්විදුලිය බිහිවිය.

විදුල ළමා ගුවන්විදුලිය බිහිවන්නේ විශේෂයෙන්ම කොළඹින් බැහැරව දුර ඈත ප‍්‍රදේශවල සිටින පාසැල් දරුවන්ට ගුවනින් නැණ නුවණ, දැනුම, අධ්‍යාපනය සමග රසවින්දනය බෙදාදෙන දුරස්ථ අධ්‍යාපන ක‍්‍රමවේදයක් අරමුණු කර ගෙනය. ඒ හරහා ඈත ප‍්‍රදේශවල සිටින පාසැල් දරු දැරියන් ලබාගත් දැනුම අවබෝධය සහ වින්දනය අපමණය.

2006 වසරේ සිට වසර ගණනාවක් ,දැයෙහි නුවණැස, යන තේමා පාඨය ඔස්සේ සිය අභිමානවත් මෙහෙය ශ‍්‍රී ලාංකික දරුවන් වෙනුවෙන් ඉටුකළ විදුල ළමා ගුවන්විදුලිය 2013 වසර වන විට විවිධ වෙනස්කම් වලට භාජනය වෙමින් සිය සමාජ මෙහෙවර අප රටේ මෙන්ම ලොව පුරා සිටින අපගේ ශ‍්‍රාවකයින් වෙනුවෙන් ඉටු කරන්නේ ස්වදේශීය සේවයත් සමග අත්වැල් බැ`ද ගනිමිනි.

වර්තමානය වන විට සෑම දිනකම ප.ව. 2.00 සිට ප.ව. 3.00 දක්වාත් ප.ව. 4.00 සිට ප.ව. 5.45 දක්වාත් ත්‍ඵ තරංග මාලා 91.7 සහ 91.9 ඔස්සේ විදුල ළමා ගුවන්විදුලිය විකාශය වන අතර එමගින් දැයේ දරුවන්ට තිළිණ කරන ළමා වැඩසටහන් ගණන 50 කට අධික වේ. ඒ අතරට උගතුන් වියතුන් සේම විවිධ ක්ෂේත‍්‍රයන් ප‍්‍රවීණයන් රැුසක් සමාජයට දායාද කළ ගුවන්විදුලි ළමා පිටිය වැඩසටහන ද ළමා නාට්‍ය සහ සාකචිචා වැඩසටහන්ද ඒ අතර වේ. එම වැඩසටහන් සියල්ල ඉදිරිපත් කරනු ලබන්නේ විදුල ළමා ශිල්පීන් ලෙස විදුල ළමා සංචිතය වෙනුවෙන් තෝරා ගත් ළමා පිරිසක් විසිනි.

Contact Us

Contact Us Vidula