Sri Lanka Brodcasting Corporation

Sat02162019

Last updateTue, 12 Feb 2019 11am

President's Speech

ජාත්‍යන්තර සමූපකාර දින සැමරුම් උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

ලාංකීය සමූපකාර ව්‍යාපාරයේ මෙහෙවර අගයමින් ජාත්‍යන්තර සමූපකාර දින සැමරුම් උළෙල ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (02) පෙරවරුවේ නෙථම්පොකුණ රගහලේ දී පැවැත්විණි.

ජාත්‍යන්තර සමූපකාර දිනය නිමිත්තෙන් පාසල් දරුවන් අතර පැවති චිත්‍ර, රචනා සහ නාට්‍ය තරගයන්ගෙන් ජයග්‍රාහනය ලැබූ දරු දැරියන්ට තිළිණ ප්‍රදානය ද ජනාධිපතිතුමා අතින් සිදුකෙරිණි.

ජනාධිපතිතුමා වෙනුවෙන් ද විශේෂ සමරු තිළිණයක් පිළිගැන්විණි.

කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්, රාජ්‍ය අමාත්‍ය චම්පික ප්‍රේමදාස, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ටී.එම්.කේ.බී. තෙන්නකෝන්, ශ්‍රී ලංකා ජාතික සමූපකාර මණ්ඩලයේ සභාපති ලලිත් ඒ. පීරිස් යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.