Sri Lanka Brodcasting Corporation

Fri11162018

Last updateWed, 14 Nov 2018 8pm

President's Speech

නීලහරිත ගම්මාන දස දහසක් වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන්

"නීල හරිත ලස්සන ලංකා" වැඩපිළිවෙළ යටතේ ඉදිරි වසර හතර ඇතුළත පරිසර හිතකාමී හරිත සුහුරු ගම්මාන දස දහසක් රට පුරා සකස් කිරීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (01) පෙරවරුවේ කෑගල්ල, පරගම්මන සණස අධ්‍යාපන මණ්ඩලයේදී පැවැත්විණි.

පළාත් 09 ම නියෝජනය වන අයුරින් නීල හරිත ලස්සන ලංකා වැඩසටහනේ ක්‍රියාකාරින් සදහා සම්මාන ප්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

සණස අධ්‍යාපන මණ්ඩල පරිශ්‍රයේ සදුන් පැලයක් රෝපණය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, අන්‍යාගමික පූජකවරුන් ද, අමාත්‍යවරුන් වන එස්.බී. දිසානායක, රංජිත් සියඹලාපිටිය, සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස, නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න යන මහත්වරුන් ඇතුථ මැති ඇමතිවරු පිරිසක් ද, පරිසර සහ මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, සණස ව්‍යාපාරයේ නිර්මාතෘ පී.ඒ. කිරිවන්දෙනිය යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට ද එක්ව සිටියහ.