Sri Lanka Brodcasting Corporation

Wed01172018

Last updateTue, 16 Jan 2018 8pm

Events

ජ්‍යෙෂ්ඨ ලේඛක ප්‍රණාම සම්මාන උළෙල - 2016

 ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හා සී/ස ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ (පුද්.) සමාගම සංවිධානය කරන දේශීය සාහිත්‍යයට විශිෂ්ට සේවාවක් කළ ජ්‍යෙෂ්ඨ ලේඛක ලේඛිකාවන් පසළොස් දෙනකුට මුදල් ත්‍යාග හා සම්මාන පිරිනමා ගෞරව දැක්වීමේ මහෝත්සවය පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වර්ෂ 2016 මැයි මස 24 වැනි දා (අඟහරුවාදා) පස්වරු 3.00 ට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේදී පැවැත්වේ.

ප්‍රධාන දේශනය


මහාචාර්ය ජේ. බී. දිසානායක
ප්‍රවීණ ලේඛක
දික්වැල්ලේ කමල්

මෙම උත්සවයට සමගාමීව බෞද්ධ පොත් ප්‍රදර්ශනය මැයි 20,21,22,23,24 දිනයන්හි පෙරවරු 11.00 සිට රාත්‍රී 12.00 දක්වා පැවැත්වේ.

සාහිත්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමීන් තිදෙනෙකුගේ සාහිත්‍ය සේවාව අළලා මැයි 20,22,23 දිනයන්හි ශාස්ත්‍රීය දේශන පැවැත්වේ.

වැඩ සටහන

දේශනා මාලාව

2016 මැයි 20
ප. ව. 3.00 - 5.00 දක්වා
දේශක - මහාචාර්ය කොලිත භානු දිසානායක
(ඇස්. මහින්ද හිමිගේ සාහිත්‍ය සේවාව)

2016 මැයි 22
ප. ව. 3.00 - 5.00 දක්වා
දේශක - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හංසමාලා රිටිගහපොල
(ජී. බී. සේනානායක මහතාගේ සාහිත්‍ය සේවාව)

2016 මැයි 23
ප. ව. 3.00 - 5.00 දක්වා
දේශක - ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
(මහගමසේකර මහතාගේ සාහිත්‍ය සේවාව)

2016 මැයි 24 - සම්මාන ප්‍රදානෝත්සවය
3.00 ආරාධිත අමුත්තන් සහ සම්මානලාභීන් අසුන් ගැන්වීම
3.10 චාරිත්‍රානුකූලව පොල්තෙල් පහන දැල්වීම
3.15 පිළිගැනීමේ කතාව - නීතිඥ නන්ද මුරුත්තෙට්ටුවේගම
3.45 සම්මාන ප්‍රදානය සහ සමරු කලාපය පිළිගැන්වීම
4.00 දේශනය - මහාචාර්ය ජේ. බී. දිසානායක
4.30 දේශනය - දික්වැල්ලේ කමල්
5.00 ගරු. ගයන්ත කරුණාතිලක මැතිතුමාගේ දේශනය
5.30 ස්තූති කතාව