Home Events & Information
Events & Information PDF Print E-mail

ගැමි ගී රාවය

The Minister Anura Priyardharshana Yapa Ligting the Oil Lampසිංහල සංගීතයේ ප්‍රගමනය‍‍ට ජාතික ගුවන් විදුලියේ  දායකත්වය දශක ගනනාවක ඉතිහාසයකට උරුමකම් කියන්නකි.

ඩබ්.ඩි.මකුලොලුව, සි.ද.එස්.කුලතිලක වැනි නිර්මාපකයින්ගේ මග පෙන්වීමෙන්, පෝෂණය වු, ජන ගී ඇසුරෙන් නිර්මානය වු පර්යේෂන ගී තුලින් බිහි වු ගායක පරපුරක් ද සිටි.

මෙම කාර්යාවලියේ මෑත කාලයේ තරමක පසුබෑමක් දකින්නට ලැබුනු බැවින්, එම රික්තය පුරවාලිමේ අරමුනින්. ජාතික ගුවන් විදුලියේ වෙළඳ සේවය, 2009 සිංහල - දෙමල අලුත් අවුරුද්ද වෙනුවෙන්, අවුරුදු කෙලි ගී, රබන් ගී., ඔංචිලි වාරම් ගායනා තරඟාවලියක් සංවිධානය කරන ලදි.

Chairman Mr. Hudson Samarasingheඅයදුම්පත් කැඳවා මුලික තරග වටයතට පසු තෝරාගත් දස දෙනෙකුගේ සහභාගිත්වයෙන්, අවසාන මහා තරගය 2009 අප්‍රියෙල් 20 දින ආනන්ද සමරකෝන් මැදිරියේ දී පැවැත්වින.

මෙම තරගය‍ට සහභාගි වුවන් , සංගිතය සහ මුසු කල ගායනයක් ද , සංගීතයෙන් තොරව ගායනයක්ද ඉදිරිපත් කල අතර, ඒ අතුරින් ජයග්‍රහකයින් තෝරා ගැනිම සිදු කරන ලදි.

ගැමි ගී රාවය වෙලඳ සේවය යලිත්  " ජන ගී "  ජනතාව අතරට ගෙන යාමේ නියාමක  වැඩසටහනක් ලෙස සංවිධානය කරන ලද්දකි.

 

     ප්‍රථම ස්ථානය                දිසානායකගේ ඩිලාන් වික්‍රමසිංහ

     දෙවන ස්ථානය                ඒ.එම්.නදිකා ජයසේකර

     තෙවන ස්ථානය               නිශ්ශංක නිපුනි සමාධි මෙන්ඩිස්  

 

  SLBC Music Group

 

 

 

 
Copyright 2009. Sri Lanka Broadcasting Corporation. All Rights Reserved.